(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පැමිණිල්ලක් තමන්ට වාසි සහගත වන ලෙස ඉල්ලා ගලේවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල බණ්ඩාර මහතාට රුපියල් 5000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා දීමට උත්සාහ කළේ යැයි කියන පුද්ගලයකුපොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශය විසින් ඒ මොහොතේම සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් ස්ථානාධිපතිවරයා කළ දැනුම්දීමක් අනුව මෙම පුද්ගලයා රුපියල් 5000 මුදල් නෝට්ටුව ද සමඟ සැකපිට පොලිස්බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු ගේ පුතෙක් සිදු කරගත් විවාහයක් පවුලට ගැලපෙන්නෙ නොමැති බව පවසා මේ සම්බන්ධයෙන් පැමිණිල්ල විභාග කරතමාට වාසි සහගත අයුරින්කටයුතු කර පුතා නිවසට රැගෙන යෑමට අවස්ථාව සලසා දෙන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් මෙම සැකකරු ඉල්ලීමක් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සැකකරු පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් මුදල ලබා දීමට උත්සාහ කර ඇතැයි කියන්නේ එම ඉල්ලීම ඉදිරිපත් කරමින් යැයි ද පොලිසිය සඳහන් කරයි.
සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ගලේවෙල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි.
සැකකරු සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔි.අයි.සී.ට අල්ලස් දෙන්න ගිහින් වැඩ වරදී
Bamunuarachchi Monday, 24 July 2023 07:08 PM
මිනිසුන්ගේ අවංකකම මුදලින් තක්සේරු කරන්න පුළුවන්. 5000 වෙනුවට 50000 දුන්නා නම් ඔය සිද්ධිය ඔහොම කෙලවර වෙන්නේ නැතිවෙන්න පුළුවන්. 50000 නොවුණොත් 500000 වෙනවා ෂුවර්...