
ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද පැවැත්විණි.
සියලු සෞඛ්‍ය සේවකයනට කොවිඩ් අවදානම් දීමනාව ලබාදෙන ලෙසත් ප්‍රවාහන, එන්නත්කරණය, ආරක්ෂිත උපකරණ ගැටලුව හා සේවක හිගය වහා පියවන ලෙස රජයට බලකරමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
මෙයට සමගාමීව මහනුවර ජාතික රෝහල , ඇතුළු දිවයිනේ සියලු රෝහලරැසක් ඉදිරිපිට ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණ පැවැත්විණි.
(ඡායාරුපය: ශාන්ත රත්නායක)














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්‍ය සේවයේ ඉල්ලීම් වහා ලබාදෙන්න. ඔවුන්ව මෙවැනි අවස්ථාවක රැකගත යුතුයි. ඒ මන්ද යත්, අප කව්රුත් ලෙඩ වූවිට පිහිට වනුයේ ඔවුන්ය. මන්ත්‍රීන්ට වාහන ලබාදීම සඳහා වෙන්කළ මුදල්වලින් ටිකක්ගෙන ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකරන්න. සෞඛ්‍ය සේවයේ ඔබ සැම මේ වෙලාවේ රටේ ජනතාවගේ ජීවිත දෙස සානුකම්පිකව බලා කටයුතු කරන්නේ නම් අගනේය.
මේ වෙලාවේ නැති ජවිපය ආයේ මොකටද..? නියම වෙලාව මේක තමයි...
මේවගේ අවස්ථාවාදී සේවකයෝ නිසා ලෙඩ්ඩු කීයක් අමාරුවේ වැටෙනවද? මේවගේ අවස්ථාවක තමන්ගේ පඩිය ගැන විතරක් හිතන මේ වගේ කාලකණ්ණින්ට හෙණ 07ම ගහන්න ඕනෑ..
සමාජයෙන් අතුගෑවී යන ජවිපයේ කාලකණ්ණි කොරෝනා මළමිනී මතින් ඉල්ලීම් ලබාගන්න බලනවා. මේ අයට හෙනම වැදියන්....!!!
ඇඳන් 100000 දවස් දහයෙන් හදපු කුමාරයා ට ඕකත් කජ්ජක් නොවේ. භාර දෙන්න ටාගට් එක. මාසෙන් හෙද සේවාවට 20000 ක් පුහුණු කරලා දෙයි. බඩු ෂුවර්. සුදර්ශනී නෝනා වගේ අඬ ආධාර ඉල්ලන්න ඕන නෑ.