(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වරායේ පැවැත්වුණේ පාටියක් නොව මන්ත්‍රීවරුන්ගේ නිරීක්ෂණ චාරිකාවක් බව වරාය නාවික සහ ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (11)  පැවසීය.

එම සංචාරය පාටියක් ලෙස හුවා දක්වමින් සමහරුන් කරගෙන යන තුප්පැහි වැඩ අනුමත නොකරන බවද  ඔහු සඳහන් කළේය.

ජයසේකර මහතා මෙසේ පැවසුවේ මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.