
(දයාරත්න ඇඹෝගම)
ඉතිහාසයේ කිසිදා නොවු විරු අයුරින් අනුරාධපුර මහජන පොලේදි කැරට් කීලෝව රැපියල් 2000 කට අළෙවි කෙරැණි.
ඒ හා සමානව අනෙකුත් උඩරට එළවළු මිලගනන්ද ඉහළ ගොස් තිබුණි.
එළවළු මිල ගනන් ඉතා ඉහළ යාමේ හේතුවෙන් අනුරාධපුර මහජන පොලට පැමිණි පාරිභෝගියන් විශාල පිරිසක් එළවළු මිලදි ගැනිමෙන් වැලකි සිටියහ.
වෙනත් දිනවල අනුරාධපුර මහජන පොලට විශාල පාරිභෝගයන් පිරිසක් පැමිණියද මේ දිනවල පොලට පැමිණෙන වෙළෙන්දන්ගේ මෙන්ම පාරිභෝගියන්ගේද විශාල අඩුවිමක්ද දක්නට ලැබුණි.
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේද කැරැට් කිලෝවක තොග මිල රැපියල් 1500.00 ක් බවත් එහි සිල්ලර මිල රැපියල් 1700.00 ක් වන බවත් මේ සම්බන්ධයෙන් අද දින සිදුකළ විමසුමේදි තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පැවසිය.
බෝංචි කිලෝවක තොග මිල රැපියල් 1,000.00 සිල්ලර මිල 1,400.00 ,අමුමිරිස් කිලෝවක තොග මිල රැපියල් 1,000.00 ක්ද එහි සිල්ලර මිල කිලෝව රැපියල් 1,300.00 ක් වශයෙන් ඉහළ ගොස් ඇති බවද සෙනෙවිරත්න මහතා පැවසිය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා මෙසේද පැවසිය.
“ වෙනත් දිනවල උඩරට එළවළු කිලෝ ලක්ෂයක් එක හමරක් ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙනවා.ඒ වුනාට අද(15) ලැබුනේ එළවළු කිලෝ හත්දහසක් වැනි ප්‍රමාණයක”.මාස තුන හතරක් තිස්සේ නොකඩවා ඇද හැලෙන වරැෂාව නිසා එළවළු වගාවන් විනාශවිම මෙම තත්වයට හේතුවි ඇතැයිද සෙනෙවිරත්න මහතා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතේ එංගලන්තෙන් කැරට් කිලෝ එක 50p ඒ කියන්නේ රුපියල් 200 ක් විතර
එංගලන්තෙ ගොවියොමයි පොලේ විකුණන්නෙ. මෙහෙ අතරමැදි වෙළෙන්දෝ 900% මිල වැඩි කරනවා. අපේ ඇමති හොරු බුදි.
ලොක්කා ස්විස් වල
සිරි ලක දේ සිරි සැප දේ
කමල් පුතේ, ලංකාවේ එක කාලයක රාත්තල් වලින් එළවලු ගත්තේ සත ගණන් වලට. කැනඩාවේ පෝල් ගෙඩියක් CAD 4 යි රුපියල් 860 යි හරක් මස් කිලෝව CAD 30 රුපියල් 7200 යි පාන් ග්‍රෑම් 540 CAD 5 රුපියල් 1200 යි. කොන්ඩේ කපන්න CAD 30 රුපියල් 7200 පුතේ. Federal TAX 20% PROVINCIAL TAX 15% පුතේ. ඇති නේද?
ඒ උනාට රෙන්ට් එක පුතේ £ 1800 ක් .නිදන කාමර 2 ෆ්ලැට් එකට (මනුස්සයෙක් ගේ පඩියක් )
පොහොට්ටුවටයි ,ජරාපක්ෂලාටයි චන්දෙ දීපු එවුන් දැන් හොඳට සැප ගන්නවා වගේ .ගෙවපල්ලා දැන් ජරාපක්ෂලා මාටියා ගහපුවට
දැම්මම දුවලා පුරුදු වෙන එක හොඳයි .චන්ද කාලෙට මන්ත්‍රීලා පස්සෙන් දුවන්නත් තියන නිසා
ලංකාවේත් ඔතරම් මිල ඉහළ යන්නේ පාරිභෝගිකයින් සූරාගෙන කන වෙළෙන්දෝ නිසා තමයි තොග වෙළෙන්ඳා අතට දාහකට ලැබුණොත් සිල්ලර වෙළෙන්දා ගන්නේ 1500 කට විතර වෙලා සිල්ලර වෙළෙන්දා තවත් 500 එකතුකර විකුණනවා... ඒක තමයි ප්‍රශ්නය අන්තිමට තැළුණු පොඩිවුණු ටික මුලින්ම විකුණා අන්තිමේ හොඳටික කුණුවෙලා විසිකර දමනවා... සාමාන්‍යයෙන් අතිවිශාල ලාභයක් ගන්න යාම හා එක් ප්‍ර්‍රදේශයක් එක මිල නිසා නගරයේ මිල වැඩිවෙනවා. සාමාන්‍යයෙන් ගමේකඩේ ටිකක් අඩුවෙන් දෙනවා කවුරු හරි කෙනෙක් එළවළු ගෙනැවිත් තමන්ට ලාභයක් තියාගෙන විකුණන්න ගත්තොත් අලුතින් පැමිණි කෙනාට නොයෙක් තර්ජන කරනවා.. මේ අතර සතිපොළ ක්‍රමය නැතුව සෑම තැනකම එළවළු විකිණීමද මෙහෙම මිල යන්න ප්‍රබල හේතුවක් වෙනවා මෙන්ම පළාත් පාලන ආයතනවල ආදායම් අඩුවීමට හේතුවක්ද වෙනවා...
බොරු කියන්න එපා. සජබෙට හා සජිත්ට කඩේ ගියාට කමක් නැහැ..
කැරට් ම කන්න කියලා එකක් නැහැ නේ .වෙන එළවලු කෑවම හරිනේ
පිනා හොදටම කොරලා, රටට වෙච්ච දෙයක්.තව රතු මුහුදට නැව් යවනවා.
කටාර් වලත් උපරිම QR 3.00ක් විතර වෙන්නේ .ලංකා මුදලින් 270.00 ක් වගේ
ලූනු කෑවද ,දැන් බයියන්ට සැප ද ?
කමල් මහත්තයෝ, ඒ කියන්නේ එංගලන්තේ මිනිස්සුන්ට කාලා බීලා ඉන්න පින තියනවා.. ඒ රටේ වැටුපෙ හැටියට ආහාරවල මිල ගණන් මිනිස්සුන්ට දැනෙන්නේවත් නැහැ... සුද්දෝ උදේ ආහාරයට හැම්, බේකන් බටර් කෑල්ලක් බිත්තරයක් එක්ක කිරි වීදුරුවක් බොද්දී, මෙහෙ එවුන්ට කැඳ උගුරක් බීගන්න නැතිව කන්න නැතත්, ඉන්න රටක් හොයනවා...සුද්දෝ මස් මාළු පෙති පිටින් කද්දී, මස් ඇලජික් අපේ එවුන්, කිරිහොද්දක් සමග පාන් කෑල්ලක් ලෙව කනවා...කන්න තියන කාලේ අර දොස්චෝරාලගේ කීම් අහලා දේශීය අල වර්ග හා කැඳ වර්ග වර්ණනා කල එවුන්ට දැන් එළවලු සුප් එකක් වත් බොන්න බැරුව ලත වෙනවා...ඔහොම වෙලා මදි මෝඩ තොපිට!!!!!
ඒ උනාට මේවා කාබනික කැරට්
එක අකැමැත්තක් ප්‍රකාශ කළ විට ඒ සමගම කැමැත්ත දක්වන ලකුණු තුනක් තිරයේ දිස්වන්නේ නූතන තාක්ෂණයේ විස්කමක් නිසාද?
මේ කියන විදියට සැපයුම අඩුවෙලා නං එලවලු මිල වැඩි උනේ ගොවියා මේ දවස් වල මාර පෝසත් වෙන්න ඕනේ විකාරනේ, මිල වැඩිවෙද්දී ඒකට බොරු ආර්ථික විද්‍යා න්‍යායක් සම්බන්ධ කරලා... ඒක නිසයි මේක වුනේ කියලා අතරමැදියා බොරු බයිලා ගහනවා තියෙන සැපයුමත් විකුණා ගන්න බැරි වුණාම කුණුවෙච්චි එළවලු විසික් කරනවා අතරමැදියාට මොකක් විසිකරත් පොරට පාඩුවක් නැහැ ඇයිද කියනවා නං පොර ගොවියාගෙන් අර එලවලු ගත්තේ අච්චර මුදලකට නොවෙන හින්දා.