
(නිමන්ති රණසිංහ)
පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 23 දෙනෙකුට ඊයේ (2) දිනයේ දී වයිරසය ආසාදනය වී බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මීගමුව පොලිසියේ එක් නිලධාරියෙක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එක් නිලධාරියෙක්, බොරැල්ල පොලිසියේ 8 දෙනෙකු, කෙසෙල්වත්ත පොලිසියේ දෙදෙනකු, පිටකොටුව පොලිසියේ එක් නිලධාරියකු, කොළඹ අපරාධ කොට්ඨාසයේ අයකු සහ පොලිස් ප්‍රභූ ආරක්ෂක බළකායේ නිලධාරින් දෙනෙකු හඳුනාගෙන තිබේ.
මේ වන විට පොලිස් නිලධාරින් 150 ට ආසන්න සංඛ්‍යාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලධාරීන්ට දිනපතා අවි නිකුත් කිරීම ගැනත් සැලකිලිමත් විය යුතුයි. එමගින්ද බෝවීමට ඉඩ කඩ ඇත.
නියමිත සෞඛ්‍ය ප්‍රතිපත්තියකට හෝ නීතියකට යටත්ව සෞඛ්‍ය අංශයේ බලකා වලින් හඹා යන්න ගිහින් කොරෝනා රණවිරුවන් පස්සේ හඹා ඇවිත්...මෙකත් හරියට නන්දිකඩාල් බන්ධනාගාර කොමසාරිස් වැඩෙ කරනවා වගේ..
වර්තමානයේ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය වන්නේ විද්‍යාව හා සෞඛ්‍ය දැනුම නොවෙයිනේ, ඉතිහාසය හා භූගෝලය පිලිබදව දැනුම නේ? ඉතින් පිළිතුර ගණිතයෙන් ලැබිලා තියනවා. මොනවා කරන්නද අපිත් ඉතින් පින් කළයක් වත් ගඟකට අත ඇරලා බලන්නම්.
එදා මෙදා තුර රට කාපු මහල්ලන්ටද ආසාධිත වී ඇති බව දන්වන සුබ ආරංචිය එනතුරු අපි මග බලා සිටිමු.