
(මනෝප්‍රිය ගුණසේකර)
ඉන්ධන දීමනාව වැටුපට එක්කර තිබියදී උතුරුමැද පළාත් සභා මුදලින් රුපියල් ලක්‍ෂ 80කට අධික ඉන්ධන ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරුවන් කරමින් තමන්ට වසර 16 සිර දඩුවම් පැනවීමට එරෙහිව අභියාචන ගොනු කර ඇති හෙයින් තමන් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා උතුරුමැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් මහතා සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන මහත්මිය ඉදිරිපත් කළ ඇප ඇයැදුම් සම්බන්ධයෙන් අගොස්තු 16 වැනිදා කරුණු දක්වන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා අද නියම කළේය.
ඇප ඇයැදුම්පත් කැඳවු අවස්ථාවේ ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.
ඉන්ධන දීමනාව වැටුපට එක්කර තිබියදී උතුරුමැද පළාත් සභා මුදලින් රුපියල් ලක්‍ෂ 80කට අධික ඉන්ධන ලබාගැනීමේ චෝදනාවන්ට එස්.එම්. රංජිත් මහතා සහ ශාන්ති චන්ද්‍රසේන මහත්මිය වරදකරුවන් කරමින් ඔවුන්ට වසර 16 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් ලක්‍ෂ 02 බැගින් දඩ නියම කරමින් කොළඔ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා පැනවු තීන්දුවට හා දඬුවමට එරෙහිව ඔවුන් අභියාචනාධිකරණයට අභියාචනා ඉදිරිපත් කර ඇත.
උතුරුමැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් සමරකෝන් මහතා සහ ඔහුගේ නෑනා වන හිටපු ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ශාන්ති චන්ද්‍රසේන මහත්මිය ගොනු කළ මෙම අභියාචනයන් වල වගඋත්තරකරු වශයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම නම් කර ඇත.
ඔම අභියාචනයට අසා තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් එස්.එම්. රංජිත් සමරකෝන් මහතා සහ ශාන්ති චන්ද්‍රසේන මහත්මිය ඇප ඇයැදුම්පත් ඉදිරිපත් කර ඇත.
2025 නොවැම්බර් මස 04
264
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2107
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1609
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එස්.එම්ගේ ඇප ඇයැදුමට 16 කරුණු කියන්න කියයි