IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


එස් අයි ලෙස පෙනී හිද වෙළෙන්දා රැවැටු සැරයන් අල්ලයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොම්පඤ්ඤවීදිය පොලිසියේ  රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පෙනී සිටිමින් එම පොලිසියේ භෝජනාගාරයට ලැබී ඇති බිත්තර අඩංගු පෙට්ටි දහයක් ලබා දිය හැකි බව පවසා සිල්ලර වෙළඳසැල් හිමියකු රවටා රුපියල් පනස් දහසක මුදලක් ලබාගත් බව කියන පොලිස් සැරයන්වරයකු නාරහෙන්පිට පොලිසිය  අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මහජන සාමය කළමණාකරන කොට්ඨාසයේ රාජකාරි කරන පොලිස් පොලිස් සැරයන් වරයෙකි.

කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ සිල්ලර  වෙළඳ සැලක් පවත්වා ගෙන යනඔබත් වෙළඳසැලේ අයිතිකරුගේ ජංගම දුරකථනයට  මාර්තු මාසයේ දිනෙක කොම්පඤ්ඤ වීදිය පොලිසියේ රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස හඳුනාගත්  අයෙකු  කතාකර අයෙකු කතා කර ඇතැයි පොලිසිය කියයි.

කොම්පඤ්ඤවීදිය පොලිසියේ භෝජනාගාරයට ලැබුණු බිත්තර  අඩංගු පෙට්ටි දහයක් තිබෙන බවත් එක් බිත්තරයක් රුපියල් තිස් පහ බැගින් ලබා දිය හැකි බවත්සිල්ලර වෙළඳසැල් හිමියා ට  දැනුම්දීමක් කරබිත්තර අවශ්‍ය නම් පොලිස් ඉන්ධන පිරවුම් හල ළඟට පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයටපැවසීය.

සිල්ලර වෙළඳසැල අයිතිකරු සේවකයින් දෙදෙනෙකු සමග බිත්තර මිලදී ගැනීමට ගිය අවස්ථාවේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයා එහි පැමිණ රුපියල් 50,000 මුදලක් ලබාගෙන පළා ගොස් ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු පෙරේදා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පදිංචි අයෙකු ට පෙර ආකාරයටම කතාකර බිත්තර මිලදී ගැනීමට නාරහෙන්පිට ප්‍රදේශයට පැමිණෙන ලෙස දැනුම් දීමක් කර ඇත.

දුරකථන ඇමතුම ලැබුණුපුද්ගලයා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ සිල්ලර වෙළඳසැල වෙළඳ සැලක් පවත්වා ගෙන යන අයගේ මිතුරෙකු බව කියති.

එම පුද්ගලයා මේ බව සිල්ලර වෙළඳසැල පවත්වාගෙන යන ඔහුගේ මිතුරාට දැනුම් දීමෙන් පසුදෙදෙනාමබිත්තර මිලදී ගැනීම සඳහා නාරහෙන්පිට ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැල අසලට ගොස් ඇත.

උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයා එම ස්ථානයට පැමිණි අවස්ථාවේ සිල්ලරවෙළඳ සැලේ අයිතිකරු තමාට  බිත්තර ලබා දෙන බව පවසා රුපියල් පනස් දහසක මුදලක් වංචාවෙන් ලබාගෙන පලා ගියේ මෙම පුද්ගලයා බව හඳුනා ගෙනදෙනාම එකතු වී ඔහු අල්ලාගෙනනාරාහේන්පිට පොලිසියට ගෙනවිත් භාරදී තිබේ.

 

 

 



අදහස් (0)

එස් අයි ලෙස පෙනී හිද වෙළෙන්දා රැවැටු සැරයන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site