
(අංජුල මහික වීරරත්න)
"එල් බෝඩ්"පාර්ලිමේන්තුවක් පත් වුව හොත් රටට විශාල අර්බුදයක් ඇතිවීමට නියමිත බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෑස් සිලින්ඩරයෙන් තරඟ වදින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අවසන් ජනරැළිය අමතමින් මරදානයේදී අද (11) පැවසීය.
ජනපතිගේ සිට මාලිමාවේ කිසිම පාලකයෙකුට පළපුරුද්දක් නැති බව දැනටමත් ඔප්පු වෙමින් තිබෙන බව කී හිටපු ජනාධිපතිවරයා පලපුරුද්ද මෙන්ම කළ පුරුද්ද ඇති ගෑස් සිලින්ඩර අපේක්ෂකයන් බහුතර පිරිසක් පාර්ලිමේන්තුවට යවන්නැයි ඉල්ලා සිටින බවද සඳහන් කළේය.
කොළඹ මරදානේ පැවති මෙම අවසන් ජන රැලියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
මේ රටේ තිබුණු පෝලිම් සියල්ල අප විසින් නතර කළා.අපි මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට ණය සියල්ල කළමනාකරණය කර ගත්තා. 2028 වන විට අප ණය ගෙවීම ඇරැඹිය යුතුයි.ඊට 2042 වෙනතුරු කල් තිබෙනවා.
ණය ගෙව්වේ නැතොත් නැවත පෝලිම් යුගයකට යන්න වෙනවා.
මේ වනතුරු ජනපති ආර්ථික දැක්ම කියලා නැහැ.විශාල අවිනිශ්චිත බවක් තිබෙනවා.දැන් සහල් හොයාගන්නට බැහැ.පොල් මිල පොල් ගහටත් වඩා උස වී තිබෙනවා.බඩු මිල නෙළුම් කුලන වගේ උඩට යනවා.බිත්තර මිල වැඩි වෙනවා.මේවා විසඳගන්න ආණ්ඩුවට පුළුවන්ද?
මේ ආණ්ඩුව මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්නේ කොහොමද? ජනාධිපතිවරණයේ දී පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තිය ගෙනාවා.දැන් ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්ද?
මූල්‍ය අරමුදල සමග කොළඹදී සහ වොෂින්ටන් නුවර දී සාකච්ඡා කළා. දැන් තුන්වන වාරිකය ගැනීම සඳහා සාකච්ඡා කරනවද?
මාලිමාව ජනාධිපතිවරණයේ දී බදු සහන දෙන බව කිව්වා. ඒවා ලැබෙනවාද? නැද්ද? කියා ප්‍රකාශයක් කරන්න.
රට ඉදිරියට යනවා නම් සියයට අටක විතර වාර්ෂික ආර්ථික සංවර්ධනයක් තිබිය යුතුයි. මේවා ලබා ගන්නේ කොහොමද? ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තබාගන්නවාද? කියා කියන්න.
මාලිමාව ඉදිරිපත් කළ ආර්ථික වැඩසටහනට සිදුවී තිබෙන්නේ කුමක්ද?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 47කට කළින් එල්. බෝඩ් එක එල්ලගෙන ආවම ඔහොම කිව්වද සීයේ?
මාර පුරුදු සෙට් එකක් වේදිකාවේ ඉන්නවා...!
L බෝඩ් නොවෙච්චි අය කරපු හරිය මදැයි...
ලයිසන් තියන අය රට පල්ලමට ඇරලා එල් බෝඩ් කාරයින්ට රට දෙන්න එපාලු.
පළපුරුදු හොරු යැවුවාට කමක් නැද්ද...?
ඔය පරණ කාඩ්බෝඩ් හොරුන්ට වඩා අපිට එල් බෝඩ් හොඳයි. දවසක ධාවන සූරයෝ වෙන්නේත් අද ඉන්න එල්බෝඩ් කාරයෝම තමයි. ඇහැකන පේන්නේ නැති නාකින්ගේ ලයිශන් දැන් කැන්සල් මුත්තේ...!
අපිට එල් බෝඩ් හොඳා, රට බංකොලොත් කලේ ඔහෙලාගේ හොර ලයිෂන් තක්කඩි ටික තමයි.
පරිණත හොරු පාර්ලිමේන්තු යවනවට වඩා L Board නීති ගරුක මිනිස්සු යවන එක හොඳයි...
පළපුරුද්ද ඇති අය ගැන 2023. නොවැම්බර් 14 දින දුන් තීන්දුව ගැන අවධානයට ගැනීම වටී. එම තීන්දුව ප්‍රකාරව රටේ ඇති වූ ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු මුදල් ආමාත්‍යවරු වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ඩ්බ්.ඩී. ලක්ෂ්මන්, හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර්. ආටිගල, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර යන අය සහ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය වගකිව යුතු බව තීන්දු කරන ලදී. එවකට හොඳින් පළපුරුදු අය මෙන්ම විපක්ෂයේ සිටියේද බොහෝ දෙනා පළපුරුදු අයම වෙත්. සියලු පළපුරුදු කම් අභිබවා රට ආර්ථික වශයෙන් අර්බුදයට ඒ අය ගෙන හියහ. සියලු පළපුරුදු අය ද කිසිත් නොකළහ. අවසානයේ ආර්ථික අර්බුදය ඇති කළ අය සුරක්ෂිත වන ලෙසට අ මේ තිබෙන තත්වයට ජීවන බර තද කළේ පළපුරුදු අයම නොවේ ද? අන්ත අගාධයේ සිටින දුප්පත් ජනතාවට ජීවත් වීමට බැරි තත්වයට පත් වූවත්, රජයේ වරප්‍රසාද සහ රජයේ බදු මුදල් වලින් දිවි ගෙවන ඔය කියන පළපුරුදු ඇත්තන්ට ඒ බව, වගේ වගක් නැති බව නම් පැහැදිලිය.
වසර 48ක් දේසපාලනේ කරපු තමුන්වත් දන්නේ නැද්ද? අලුතින් පත්වෙන අයත් හිටපු බව. එල්.බෝඩ් කාරයෝ කෙසේවෙතත් මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා , රටම විනාශ කරපු බලලෝභී බඩගෝස්තරවාදී කාලකන්නි දේශපාලුවෝ නම් හිටියා කියලා...!
මෙහෙමනේ අනේ. ඕගොල්ලෝ ඔස්තාර්ලා හොරා කන්න. හැබැයි රට කරන්න එල් බෝඩ්. දැන් බලන්න ඕගොල්ලන්ගේ ආණ්ඩුවක් අවුරුදු 17ක් හිටියා බලේ. කෝ ලංකාව සුර පුරයක් වුණාද? හැබැයි ඒ අවුරුදු 17ට LTTE ප්‍රශ්නේ කොච්චර ඔඩු දිව්වාද? ඩොලර් එක කොච්චර බැස්සාද? ඉතින් ඕගොල්ලෝ එල් බෝඩ් නෙමේද?
හොර කුඩ්ඩෝ ටික යවන්නද කියන්නේ?
රාජ්‍ය ආරක්ෂකයින් තියාගෙන අපේ බදු මුදලින් රටේ ණය වලින් ලෝක වටේ රවුම් ගහපු උන්ගේ දුක
ලයිසන් හොරුන්ට වඩා එල් බෝඩ් හොදයි
බර වාහන ලයිසන් තියෙන ඔයාලා රටට කරපු දේ හොඳටම ඇති...!
මහබැංකුව හොරාකාල , රටේ දේපළ විකුණලා , බොරුවෙන් වංචාවෙන් ජනතාව රවට්ටලා , සැප ගත්ත කලේ ඉවරයි . දැන් තියෙන්නේ ඉවසාගන්න බැරි ඊර්ශියාව , ආයේ කවදාවත් මුන්දට රටේ නායකයෙක් වෙන්න බැහැ .
එතකොට ’’F බෝඩ්’’ පාර්ලිමේන්තුවට යැව්වොත්? ගොයම් ගහක් වැවෙන්න - සහල් හැදෙන්න, පොල් ගහක් පැලවෙලා ඵළදාව ලැබෙන්න, කිකිළියෙක් බිත්තර දමන්න යන කාල පරාසය ගැන අබමල් රේණුවක තරම්වත් දැණුමක් තියෙනවාද? ඔය කියන ඔක්කෝම ඔයාගේ කාලේ කොමිස් ගහලා ආනයනය කරපුවා…
අද පම්පෝරි ගැහුවට , 1977 දී ඔයත් ඇල් බෝට් තමයි. මාලිමාවෙ ඉන්න , පහුගිය ආණ්ඩුවල ඇමැති ධුර හෙම දරපු සෙට් එක ඔයාට වැඩිය ඉදිරියෙන් ඉන්න විත්තිය ඔයාත් දනිනවා. බටහිර වුවමනාවන් ඉෂ්ඨ කරපු ඔයා ඇමරිකන් පදේට නටන විත්තිය දන්න නිසා තසයි ඔයයි හෙංචයියො ටිකයි එළවලාම දැම්මෙ. දැන් ඇංග්ලිකානු දහමට අනුව සුවෙන් සිටීන් !
දිනනවා කියලා හිතෙන පැත්තට පනින මෙතෙක් පොහොට්ටුව දිනවීමට කටයුතු කළ පිරිස් හිතාගෙන ඉන්නේ මාලුමාමලාට විතරක් පුළුවන් කියලා. ඉතින් ඔවුන්ගේ සිතුවිලි බොරු වෙන්න නම් මාලුමාමලා පාර්ලිමේන්තුවේ පුරවන්න ඕනෑ... ඔවුන්ට බැරුව ගියාම සදහටම අතුගෑවිලා යාවි... එහෙම වුණාට පස්සේ තමයි ලංකාවේ සංවර්ධනය ඇතිවෙන්නේ....!
කොහෙන් හරි පටන් ගන්නත් එපායෑ. පුරුදු හොරු කරපු හරිය මදැයි. මේ යකාට ලැජ්ජාවක් ගෑවිලාවත් නෑ...
දැන් ඕවා කිව්වාට වැඩක් නෑ. මිනිස්සු දන්නවා ඕවා විහළු කතා කියලා.
පලපුරුදු ඇති අය හදපු විදිය කොහොමද? රට රටම මංකොල්ල කාලා රට කාබාසිනියා කරපු එකටද පලපුරුද්ද කියන්නේ?
ඔයාලා කලබල වෙන්නේ නැතුව ඉන්න, ගත්තු අය කරලා පෙන්නයි...!
ඉස්සරහ පේලියේම ඉන්න පට්ට හොර රැළක්
ඔය පලපුරුදු අය රට කරවලා රටට වෙලා තියන දේ මදැයි ඔබලාට වඩා L බෝඩ් කාරයෝ දාහෙන් සම්පතයි. ඒ අය කරයි ඔයාලට වඩා හොඳට...