IMG-LOGO

2024 මැයි මස 15 වන බදාදා


එයිට්කන් ස්පෙන්ස් සමාගමට රුපියල් මිලියන 3,000 ක පෙර බදු ලාභයක්

 

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ව්‍යාපාර අතරේ පෙරමුණ ගත් සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගම 2021-22 වසරේ තුන් වැනි කාර්තුවේදී පෙර බදු ලාභය වශයෙන් රුපියල් මිලියන 3,000ක් වාර්තා කර තිබේ. පෙර වසරේ තුන් වැනි කාර්තුව හා සංසන්දනය කිරීමේ දී එය ඉතාමත් ඉහළ කාර්ය සාධනයක් වන අතරම ආයතනික ඉතිහාසයේ කාර්තුවක් වෙනුවෙන් ලද ඉහළම ලාභය ද එයයි.

එයිට්කන් ව්‍යාපාර සමූහයේ, සංචාරක අංශය ද ඇතුළුව, මෑත කාලීන වාර්තා ප්‍රගතිශීලී වර්ධනයක් පෙන්නුම් කරයි.

පොලී වියදම්, බදු, ක්ෂයවීම් සහ මූලික වියදම් අවප්‍රමාණවීමට පෙර, සමූහයේ ඉපැයීම් ඇතුළු සියලු‍ම අංශ හරහා ආයතන සමූහයේ මූලික ආදායම රුපියල් බිලියන 5.2 කි. එය පෙර වසරේ මෙම කාර්තුවට සාපේක්‍ෂව කැපී පෙනෙන වර්ධනයකි. පසුගිය වසරේ මෙම කාර්තුව තුළ ලත් ආදායම වූයේ බිලියන 1.2 කි.

2021 වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මාස 9 ඇතුළත දී පොලී ගෙවීමට පෙර ලබන ආදායම, බදු, ක්‍ෂයවීම් සහ මූලික වියදම් ක්‍රමයෙන් කපාහැරීම ඇතුළුව ව්‍යාපාර සමූහයේ සමස්ත මූල්‍ය ගණනය කිරීම්වල එකතුව රුපියල් බිලියන 9.8 කි.

සැලකිය යුතු ආර්ථික ප්‍රශ්න තිබියදී පවා, එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ කඩිනම් උපායයන් හි සාර්ථකත්වය එහි විදේශීය ව්‍යාපාරවලින් පිළිබිඹු වූයේය. එහි පෙර-බදු-ලාභය සමස්ත ආදායමෙන් සියයට78ක් ක්වූ අතර ගෙවී ගිය මාස 9 ක කාලයේදී ලබාගත් සමස්ත ආදායමෙන් පෙර-බදු-ලාභය 64% ක් විය. තුන් වන කාර්තුව තුළ එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සංචාරක අංශය සුවිශේෂී පෙරළියක් පෙන්වමින් රුපියල් බිලියන 1.6 ක පෙර-බදු-ලාභයක් වාර්තා කළේය. පසුගිය වසරේදී මෙම කාර්තුව ඇතුළත එහි අලාභය රුපියල් බිලියන 1.8 කි.

එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සංචාරක හෝටල් සියල්ලම පාහේ ඉතාමත් හොඳින් ක්‍රියාත්මක විය. එහි දී විදේශයන්හි තිබෙන සංචාරක හෝටල වලින් ලද ආදායම වඩාත් කැපී පෙනෙන මට්ටමක තිබිණ. දේශීය හෝටල් සමූහය ද වඩාත් සිත්ගන්නාසුළු නැඟී සිටීමක් පෙන්නුම් කළේය. ව්‍යාපාර සමූහයේ ගමනාන්ත කළමනාකරණ අංශය මගින් පහසුකම් සපයන ලදින්, නැගෙනහිර යුරෝපීය වෙළෙඳපොළෙන් සාර්ථක ප්‍රතිලාභ ලැබිණ.

මෑතකදී ශ්‍රී ලංකාව සඳහා තවත් ධන උල්පතක් සොයාගත් එයිට්කන් ස්පෙන්ස් සංචාරක අංශය උස්බෙකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට වෙන්කරවාගත් ගමන් පහසුකම් නිර්මාණය කර දුන්නේය.

තුන් වැනි කාර්තුවේ දී අප ව්‍යාපාර සමූහයේ සමුද්‍රීය සහ භාණ්ඩ ප්‍රවාහන අංශය තවදුරටත් ශක්තිමත් වෙමින්, රුපියල් බිලියන 1.1 ක පෙර-බදු-ලාභයක් පෙන්වීය.

එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ උපායමාර්ගික ආයෝජන අංශයේ රුපියල් මිලියන 181 ක පෙර-බදු-ලාභයක් පෙන්නුම් කරන අතර ව්‍යාපාර සමූහයේ සේවා අංශය රු. මිලියන 91 ක පෙර-බදු-ලාභයක් පෙන්වීය. පසුගිය වසරේදී අත්පත් කර ගන්නා ලද අපද්‍රව්‍ය බලශක්ති බලාගාරය සහ ජලවිදුලි බලාගාර තුන මෙන්ම මුද්‍රණ සහ ඇඟලු‍ම් අංශවල දක්නට ලැබුණු වැඩි දියුණු කළ කාර්ය සාධනය ද මෙම අංශයේ ලාභයට සැලකිය යුතු ලෙස දායක විය.

එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස නවය සඳහා රුපියල් බිලියන 3.3 ක පෙර-බදු-ලාභයක් පෙන්වීය. එය පසුගිය වසරේ දී ලද අලාභය හා සංසන්දනය කිරීමේ දී කැපීපෙනෙන වෙනසකි.

කොරෝනා වසංගතයට පෙර, එනම් වසර 2019-2020 කාලසීමාවේදී, පෙන්නුම් කරන ලද රුපියල් බිලියන 2.4 පෙර-බදු-ලාභය හා සංසන්දනය කිරීමේ දී වත්මන් ප්‍රතිඵල ඉතාමත් ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමකි.

“මෙම කාර්තුවේ අපගේ සාර්ථකත්වය, ඉතාමත් සිත්ගන්නාසුළුයි. සමාගමක් වශයෙන් අප මෙතෙක් මුහුණ දී නැති, පෙර නොවූවිරූ අභියෝග හමුවේ අප ඉදිරියට ගියේ අපගේ ආයතන සමූහයේ ඔරොත්තු දීමේ හැකියාව සහ නොපසුබට උත්සාහය නිසායි. වත්මන් සාර්ථකත්වය එහි මනා පිළිබිඹුවක්”

“සමූහයේ සෑම අංශයකින්ම, විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය සඳහා කැපීපෙනෙන පෙරළියක් පෙන්නුම් කරමින් ඉහළ සාර්ථකත්වයක් දැකීම සතුටට කරුණක්. එය පැවැති තත්ත්වය උඩුයටිකුරු කිරීමකට සමානයි. මේ සම්බන්ධයෙන්, මා, අපගේ සෑම ස්පෙන් සෝනියානුවකුටම සහ අපගේ කළමනාකාරීත්ව කණ්ඩායම්වලට ප්‍රශංසා කළ යුතුයි. එනිසා අපගේ උත්සාහයට සහායවීම වෙනුවෙන් ව්‍යාපාරයේ සියලු‍ම හවුල්කරුවන්ට මා ස්තූතිවන්ත වෙනවා” යයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එයිට්කන් ස්පෙන්ස්’ සමාගමේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පැවසීය.

සමාලෝචනය කරන ලද කාර්තුවේ දී එයිට්කන් ස්පෙන්ස් සමාගම සම්මාන කිහිපයකින්ම පිළිගැනීමට ලක් වූයේය. වසර 2021 දී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද තිරසාර පැවැත්ම සම්බන්ධයෙන් වූ හොඳම ආයතන අතරේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගැනීමට එයිට්කන් ස්පෙන්ස් සමාගම සමත් විය.

1983 වසරේ සිට කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තු ගත කර ඇති ‘එයිට්කන් ස්පෙන්ස්’ සමාගම, වසර 150 ඉක්මවූ, ප්‍රෞඪ උරුමයකට හිමිකම් කියයි. එය ශ්‍රී ලංකාව, මාලදිවයින, ෆීජි, ඉන්දියාව, ඕමානය, මියන්මාරය, මොසැම්බික් සහ බංග්ලාදේශය යන රටවල් 8 ක පිහිටි ආයතන 16 ක සේවක සේවිකාවන් 12,000 කට අධික පිරිසකගේ ජීවනාලියයි.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

එයිට්කන් ස්පෙන්ස් සමාගමට රුපියල් මිලියන 3,000 ක පෙර බදු ලාභයක්

ඔබේ අදහස් එවන්න

දියත

පිළියන්දල නිවසකින් ගිනි අවි-උණ්ඩ සොයාගනී
2024 මැයි මස 15 63 0

පරිසර වේදියෙකු ලෙස ක්‍රියා කළ දැනට මියගොස් සිටින පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නිවසේ තිබී ටී 56 ගිනි අවියක්, මැගසින් 4 ක්, ජීව උණ්ඩ 116 ක්, මෝටර් උණ්ඩයක


‘අයිස්‘සැකසුම් මධ්‍යස්ථානයක් යාපනයෙන් වටලයි
2024 මැයි මස 15 79 0

යාපනය නුනාවිල්හීදී අයිස් මත්ද්‍රව්‍ය සැකසුම් මධ්‍යස්ථානයක් වැටලු බව යාපනය පොලිසිය සදහන් කරයි.


වැස්ස අඩු නොවන හැඩ
2024 මැයි මස 15 289 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ වර්ධනය වී පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්ත


ඉන්දීය ‘‘කැන්ඩි සෑමි කණ්ඩායමේ‘‘ මූල්‍ය විධායකට අධි චෝදනා
2024 මැයි මස 15 272 0

පල්ලෙකැලේ පැවැති ’’ලෙජන්ට් ට්‍රොපි 2024’’ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දියාවේ කැන්ඩි සෑම


විජයදාසට එරෙහිව දුමින්දගේ නඩුවේ ප්‍රකාශය අද
2024 මැයි මස 15 281 0

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්වීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේක


මන්ත්‍රීවරුන් ඉල්ලූ රක්ෂණය දෙන්න කතානායක බෑ කියයි
2024 මැයි මස 15 392 0

මන්ත්‍රීවරුන් තම පවුල්වල සාමාජිකයන්ටත් රක්ෂණ ආවරණය ලබාදෙන ලෙස පසුගිය (10) වැනිදා සිකුරාදා පැවැති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී දැඩිව ඉල්ලීම් ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 704 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2228 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1916 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site