
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ප්‍රකට සහ පැරණිතම සුපිරි සාප්පු සංකීර්ණයක් වන ‘මැජෙස්ටික් සිටි’ (එම්.සී.) සාප්පු සංකීර්ණයේ සාප්පුවලින් සියයට 50 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට වසා දමා තිබේ.
‘මැජෙස්ටික් සිටි’ සාප්පු සංකීර්ණයේ සාප්පු 280 කට අධික සංඛ්‍යාවක් ඇති අතර ඉන් සාප්පු 150 කට ආසන්න සංඛ්‍යාවක් වසා දමා ඇති බවත් සංචාරයන් සහ දේශීය පාරිභෝගිකයන්ගේ පැමිණීම අඩුවීම සහ ආනයනික විදුලි උපකරණ, ජංගම දුරකථන, ඔරලෝසු ආදි උපකරණවල හිඟය ඇතුළු හේතූන් රැසක් නිසා මෙසේ සාප්පු වැසී යමින් තිබෙන බව එම සාප්පු සංකීර්ණයේ ප්‍රකාශකයෙක් පැවසීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ කියලා වැඩක් නැහැ... මේකට ගියාම භූත බංගලාවක් වගේ.. හිත කීරිගැහිලා ගියා. මොනතරම් ව්‍යාපාර වෙච්චි සෙනග ගැවසිච්ච තැනක්ද? මේවා වැඩක් නෑ. පුන්නක්කු විතරයි ඕනෑ
කෝ කොච්චර කිව්වත් අහනවයෑ.. අපි තමයි හොඳටම කළේ. දැන් සැපයිද?
දැන් අගමැති රනිල් මේක වී ගබඩා කරාවිද? ඔහු අගමැති වුණු එකේ ප්‍රතිඵල මේ පේන්නේ. ඉතා ජයෙන් ජය...
සෞභාග්‍යය දෝරෙගලනව
ඕක ඇතුලේ අමුඩ විකුණන කඩ, කොස් තම්බන කඩ, බුලත්විටි කඩ, දර විකුණන කඩ, බයිසිකල් වින්කල්, වගේ ඒවා නොදා ලොකු ලොකු ෂොප් ඇරියට දැන් වැඩක් වෙන්නේ නැහැ. මේක දැන් දේශප්‍රේමී දේශීය දේ අගයන ලෝකෙන්ම බුද්ධිමත් ජනතාව වෙසෙන රට. ඉස්සර ඔය වගේ තැන වලින් වඳ කොත්තු කාලා අපේ මහත්තයලව නිසරු කරලා ජාතිය වඳ කළා. ඒකටත් එක්ක, දැන් අපේ මහත්තය කොස් ඇට කිරිබත් කාලා හරිම විසේ..අනේ මන්ද? මටත් උදේ පාන්දරට ඇඟට අමුත්තක් වගේ දැනෙනවා.. අමතක නොකර ඔය වෙළඳ සංකීර්ණය ඇතුලේ පුංචි ළමයින්ට අවශ්‍ය කුරුම්බැට්ටි මැෂින්, සෙල්ලම් කරත්ත වගේ සෙල්ලම් බඩු සහිත කඩ අරින්න ඒවාට අනාගතයේදී හොඳ ඉල්ලුමක් තියේවි.
ආර්ථිකය කියන්නෙ මේකට තමා. මිනිස්සු දැන්වත් තේරුම් ගන්න ඕන ජාතිය ආගම වගේ දේවල් වලට වඩා ජීවත්වෙන්න ඕන කරන්නෙ රස්සාව සහ ව්‍යාපාර කියල. මේවයෙ වැඩකරන මිනිස්සුන්ට මොකද උනේ? ඒ මිනිස්සුන්ට උද්ඝෝෂණ කරන්නවත් හය්යක් තියනවා ද?
මේක වී ගබඩා කරාවි ප්‍රශ්නයක් නැහැ දැන දැනත් නුගත් සොරමුලකට චන්යදය දීල දැන් රනිල්ට බනිනව එයත් මහ බැංකුව කොල්ල ක ෑව
ලැබූ ජය සාමකාමීව සමරන්න..! තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තු වන්න.