
(යොහාන් භාසුර)
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍ය වාට්ටුවේ අංක 07 හි ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් 'සෙෆ්ටාසිඩීම්' නැමැති එන්නත ලබාදී මිනිත්තු 5 කට පසු ඇද වැටී පසුව මරණයට පත්වූ බව ගම්පහ රෝහලේ උසස් නිලධාරියක් පැවසීය.
අදාළ රෝගියා ඇදවැටී පැයක් ගත වීමට පෙර මිය ගිය බවද එම නිලධාරියා සඳහන් කළේය.
එම රෝගියාට එම එන්නතෙහිම මාත්‍රා 10 ක් ලබාදී තිබු බවත් මාරාන්තික සංකූලතා ඇතිවූයේ එකොලොස්වන මාත්‍රාව එන්නත්රෝ කිරීමෙන්හ පසුව බවත්ල් එම නිලධාරියා කීය.
ගම්පහ මහ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් පරිදි එම එන්නත් කාණ්ඩය තාවකාලිකව අත්හිටුවා ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිසි ප්‍රතිකාර ඒකකය සූදානම් ඕනෑම අසාත්මිකතාවයකට මුහුණ දෙන්න. ඒක සෑම රෝහලකම තියෙන සූදානමක්. ක්ෂණිකව මිය ගියා විය හැකියි. මෙවැනි හේතු නිසා අපේ රෝහල් පද්ධතිය ගැන අනිසි බියක් ජනතාව ඇති නොකර ගත යුතුයි...