(සුජිත් හේවාජුලිගේ)
එන්නත ලබාදී අවසන් කිරීමෙන් පසුවත් කොරෝනා පැතිරීම දිගටම සිදු වන්නේ නම් ඊළඟට ගත යුතු සෞඛ්‍යමය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය කමිටු පත් කිරීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.
කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව සියයට 100කට පමණද දෙවෙනි මාත්‍රාව සියයට පනස් හයකට පමණද ලබාදී අවසන්ව ඇති බව පැවසූ ජනාධිපතිවරයා මේ මස අවසන් වීමට පෙර තවත් සැලකිය යුතු පිරිසකට එන්නත ලබා දී අවසන් කිරීමට හැකිවනු ඇති බවද ප්‍රකාශ කළේය.
මීළඟට ප්‍රමුඛත්වය දැක්විය යුත්තේ වයස 30ට පහළ අයට එන්නත ලබාදීම සම්බන්ධයෙන්ද එසේ නැතිනම් වයස 60ට වැඩි අයට බූස්ටර් එන්නතක් ලබාදීම සම්බන්ධයෙන් දැයි සොයා බලා කරුණු ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට වැඩිදුරටත් දැනුම්දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුන පුනා කියන ලෙසට සහ හැම තිස්සේම මතුරන විදියට එන්නත නම් හොදම දේ මොකටද වෙන පිලියම් සර්
අනේ අම්මෝ ඔයා කරපුවා ඇති
වාසුලා ඇතුළු කට්ටිය කිව්ව දේවල් අහලා කලට වේලාවට ජනතාව එන්නත් කළේ නැහැ. පැණි පස්සේ ගියා විතරක් නොවෙයි පාර්ලිමේන්තුවට ගෙනත් කට්ටිය පැණි බිව්වා.නි සි කළමනාකරණයක් නොමැතිව වැඩ කළ නිසා තමයි රට මේ තත්වෙට පත්වුනේ.
කොරෝන කවදාවත් ඉවර කරන්න දෙන්නේ නැහැ. මේක බලවත් රටවල් එකතු වෙලා ගහපු මාස්ටර් ප්ලැන් එකක්.
මෙතුවක් කල් කරපු හැටි දන්නවනෙ. බලමු කොරන හැටි.
එන්නත් දෙකම දීලත් මේ ලෝකේ ඉන්න බැරිනම් ඒ අතලොස්සක් විතරයි. ඒ නිසා අපේ ළමයි ටික බේරාගන්න මුල්තැන දෙන්න.
අසන්නෝ සිහි නුවණින් අසත්‍වා.
පන්ඩිත කම ඉහ වහා ගිය අසාර්තක පාලකයා.
පන්සියගම 100% ක් නැත.
බැරිනම් සජිත් මහත්තයට දීලා ගෙදර යන්න.
දුර්වල එන්නත් තේරීම
විශේෂඥ වෛද්්‍යවරුන් ලොවම එකතුවෙලා පරික්ෂන කරලා ඒවා විද්‍යාත්මක ජර්නල්වල ප්‍රසිද්ධ කරනවා. ඒවා ප්‍රෙයා්ජනයට ගත්තානම් අපේ අය පත්කරගෙන නැවත මුලට ගිහින් කරන්න ඒතරම්ම උවමනාවක් වෙන්නෙ නැහැ.
මෙහි සඳහන් සාධාරණ විවේචනවලට ඩිස්ලයික් දාන කෙනා කවුද?
අපෝ ඔයාගේ පොර ටෝක් අහලා ඇතිවෙලා.
හොඳම දේ නෙමෙයි මේ වෙලාවෙ ඇත්තටම විසඳුමක් වෙන එකම දේ.
එන්නත දුන්නත් පැතිරෙන එක 100% වළක්වන්න අමාරුයි ජනතාව පරිස්සම් වෙන්නෙත් නැත්නම්. ඒ කියන්නේ රස්සාවට යාම හෝ දවසේ කුලිය හොයාගන්න එළියට යාම නෙවෙයි. ගෙදර ඉන්න බෑ කියලා එළියේ පවුල් පිටින් යෑම සහ කට්ටිය එකතුවී පාටි දැමීම වගේ දැනුත් සිදුවන දේවල්. නමුත් යම්කිසි පාලනයක් ඇතුව එළියේ හැසිරෙනවා නම් වයිරසය තරමක් පැතුරුණත් රෝහල් ගත යුතු ප්‍රමාණයත් මරණ ප්‍රමාණයත් සෑහෙන්න අඩු කරන්න පුළුවන්. හොඳම උදාහරණයක් තමයි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සහ අවට පළාත්වල තත්ත්වය.
සාධාරණ අදහස්වලටත් විරුද්ධව 158ක් අදහස් දැක්වූ කෙනා කවුද?
මේ වගේ පාලකයෙක් ලෝකේ කොහේවත් නැතුව ඇති.
විද්‍යාත්මකව කල්පනා කිරීම වෛද්‍ය විශේෂඥයන් දැන්වත් ආරම්භ කළ යුතුය. සියලු දෙනාම එන්නත් කළ පසුවද කෝවිඩ් 19 රෝගය පවතිනවා නම් රට ලොක් ඩවුන් කිරීම පවතින එකම විසදුම වශයෙන් වෛද්‍ය විශේෂඥයන් දක්වන්නේද? එසේනම් එන්නත් නොකරම රට ලොක් ඩවුන් කර ජනතා ජීවිත ආරක්ෂා කළ හැකිවූවා නේද යන ප්‍රශ්නයට පිළිතුර කුමක්ද? එන්නත මගින් කෝවිඩ් 19 රෝගයට පූර්ණ ආරක්ෂාව නොලැබෙන්නේ නම් එන්නත සමග විකල්ප වෛද්‍ය ක්‍රම (ආයුර්වේදීය හෝ දේශීය) භාවිතා කිරීම තුලින් නැවත ජනජීවිතය යථා තත්වයට පත්කළ හැකිද? කෝවිඩ් 19 වැඩිවන විට රට වැසීමත් එය අඩුවන විට රට ඇරීමත් යන්න විසදුමක්ද නැතහොත් පැලැස්තරයක්ද යන්නත් විමර්ෂණාත්මකව සිතිය යුතු වූයේ මීට බොහෝ කලකට පෙරය.
වියත්තු කියලා පාර්ලිමේන්තුවට පැන්න අය කල හරිය මදැයි........ ඇයි මොකෝ... ආයෙත් හට්ටි ටිකක්වත් බෝක්කුවකින් පහලට දාන්නද....?
අනේ බුදු සර්... මේ දුන්න පිළියම් ටික හොඳටෝම ඇති.
අපොයි... මේ තාක්කල් කරපු හරියම මදැයි තවත් මොකටද.?
සර් ගේ පී.එච්.ඩී එක ඉවරද ?එහෙනම් සර් පාස්ද ?
ඔව් සර් . ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය අනුමත කරන්නේ නම්, අපට සිසොන්කේ ජොන්සන්ගෙන් එකක් දිය හැකිය
ඔබට කල හැකි උපරිමයෙන් ඔබ මේක මර්ධනයට වැඩ කරනවා .විශේෂයෙන් සෞඛ්‍ය අංශවල උපරිම සහාය නැතුවත් .අපේ මිනිස්සුන්ට ඕනේ රටත් වහලා ,පඩිත් අරන් ,බෝනසුත් ගන්න.බඩු මිල අඩුවෙන්නත් ඕනේ .පුදුම මිනිස්සු ඉන්න රටක් මේක නම් .
මේ කාරණාව දේශපාලන ඇසකින් නොබලමු.
ඔබ තුමා නොහිටින්න මේ රට මේ වෙනකොට අඩක්ම සුන්.
හා හා හා….. අපි තමයි හොදටම කරේ... ලක්ෂ 69ටම, කමක් නෑ දැන් හොඳටම සනීපයි. අපි කැමැත්තෙන් දුන්නේ……. කටාර් වල අපි.
එතකොට අර රනිල් නින්දෙන් ඇහැරලා වගේ හිටපු ගමන් පණ්ඩිත කතා කියවන්නේ මාර සාර්ථක පාලකයෙක් නිසා වෙන්න ඇති නේද?
කඩේ යනවා නෙමෙයි .ඔයා හිතනවද අරගොල්ලෝ ආණ්ඩු කරානම් හරිම සාර්ථකයි කියලා .අඩුපාඩු තියනවා .නමුත් සාපේක්ෂව බැලුවොත් සාර්ථකයි .(සීනි මිල වැඩි වීම ,බදු ගණන් යන ඒවා මේකට අදාළ නැත .ඒවා අසාර්ථකයි )