(යොහාන් භාසුර)
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් මිලදීගැනීමට තමන් වරදකරුවෙක් නොවේ යැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (22) පැවසීය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (22) එසේ පැවසීය.
සත්‍ය සම්පූර්ණයෙන්ම විකෘති කර කරන ප්‍රකාශවලට පිළිතුරු නොදී සිටිය හොත් පුවත්පත්වල පළකරන කටුන් ද සත්‍ය වන බවත් අගෝස්තු මස 2 වැනිදා මෙම සිද්ධියේ පැමිණිළි කළේ ද තමන් බවත් අමාත්‍යවරයා කීය.
වර්තමානයේ ප්‍රශ්න මතුවී තිබෙන නිෂ්පාදකවරයා 2013 වසරේ සිට ඔහුට නිෂ්පාදනාගාරයක් ඇතැයි පවසමින් විවිධ අවස්ථාවල රජයට බෙහෙත් සැපයීමට උත්සහ කර ඇතැයි කී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා තමන් ඇමතිවරයා ලෙස පත්වීමෙන් පසුව ද ඔහුගේ ඉල්ලීම් නැවත නැවත අලුත්වෙමින් පැමිණි බව ද සඳහන් කළේය.
එම ඉල්ලීම් ඖෂධ නියාමන අධිකාරියට යොමු කිරීම ඇමතිවරයා හැටියට කළ බවත් ඒ අනුව අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීතුමා සති කීපයකට පසුව එම ඉල්ලීම්වල එකඟ නොවන්නේ යැයි දැනුම්දීමෙන් පසුව ඇමතිවරයාට ලෙස ඉන් එහාට ක්‍රියා කළ නොහැකි බවත් ඒ මහතා කීය.
එය කළ නොහැකි නිසා ඉන් පසුව කථාව නොමැති බව කී රඹුක්වැල්ල මහතා පැවසුවේ ඉන් පසුව ප්‍රසංපාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇමතිවරයාට සම්බන්ධයෙක් නොමැති බවත්ය.
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සැපයුම්කරුට හදිසියේ මුදල් ගෙවීම්වල තමන්ගේ කිසිඳු සම්බන්ධයෙක් නොමැති බවත් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු ජාලය එය ක්‍රියාත්මක කර ඇති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩි දුරටත් සඳන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම බබා...!
වැරැදි නැත්නම් ඇයි ඔය තරම් බය? ඒක නීතිය සහ අධිකරණය විසින් තීරණය කරයි. සමහර විට පොලීසියත්, අදාල අංශ විසින් යට ගහලා නිකම් ඉඳියි. හැබැයි පුතෝ ඔයාට මීළඟ ආණ්ඩුවෙන් නම් හිරේ යන්න වෙන බව සත්තයි. මාව විශ්වාස කරන්න...
පුහුල් හොරා කරෙන් දැනේ...!
මෙයා බබෙක් වගේ...!
අනේ ඔව්... මෙයා අවංක, අහිසක රට ගැන හිතලා වැඩකරන පුතෙක් නේ...
පොඩි ළමයි කක්ක බරයි කියනවා වගේ කථා කියන්න එපා මැතිතුමෝ. 2013 ඉඳලා.. 2013 වසරේ සිට ඔහුට නිෂ්පාදනාගාරයක් ඇතැයි පවසමින් විවිධ අවස්ථාවල රජයට බෙහෙත් සැපයීමට උත්සාහ කර ඇතැයි කී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා... 2013 ඉඳලා කරන ඉල්ලීම්වලට හිටපු රජයවල් නොසලකා හැරියේ ඇයි කියලා බැලුවාද...? නිෂ්පාදනාගාරයක් ඇතැයි කියමින්... ඇත්තටම එහෙම එකක් තියෙනවාද, ලියාපදිංචි කරලද, බෙහෙත් ප්‍රමිතියට අනුකූලද ඒවා බලන්නේ නැතිවද මේවා අරගන මුදලුත් ගෙව්වේ... මේවා මිනිස් ජීවිතත් එක්ක කරන ගණුදෙනු කියලා අමතක වුණාද...? ඒවා දීලා මිනිස්සු මැරෙනකොට කියනවා" ඕක සාමාන්‍ය දෙයක්, මල්ශාලා තියෙන්නේ ඉස්පිරිතාල ඉස්සරහා... ඕකනිසා තමයි කීවා නේද? බලයේ ඉන්නකම් අසරණ මිනිස්සු ඔබතුමාලාට සෙල්ලමක්... එක ඇමැතිවරයෙක් කීවේ රු:2500න් ජීවත් වෙන්න පුළුවන් කියලා. බදූ ගෙවන අසරණ මිනිස්සුන්ගේ මුදලින් සුර සැප විඳිමින් ඒ බදුගෙවන මිනිස්සුන්ට කියනවා හිඟකන්න කියලා.... ස්භාවධර්මයෙන් හෝ ඕවාට විපාක ලැබෙනවා. එදාට අදට වඩා භයන්කරයි. කව්රුවත්ම නෑ බේරගන්න...
මොකෝ මේ අපේ හිටපු ඇමතිතුමා කලබල වෙලා... ඇයි ඔබතුමාත් මේකට සම්බන්දයි කියලා කව්රුහරි නොසණ්ඩලයෙක් කීවාද?. ඔබතුමා බයවෙන්න කාරී නෑ. මේවාට සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ ඒ කාලේ ලෙඩවුණු අසරණ මිනිස්සු. ඒ මිනිස්සුනේ මේ කලබලේ බෙහෙත් මුදල් දීලා අරගෙන පාවිච්චි කරලා මැරුනේ. ඒකට ඔබතුමා මොනවා කරන්නද?. ඔබතුමා කොච්චර කීවද ඕවා හොර බෙහෙත් ගන්න එපා කියලා. කෝ ඇහුවාද?
තමුන් බබාද?
ගහට නැග්ග මිනිහාටත් කියන්න දෙයක් තිබ්බාලු...!
ආයෙ නම් මෙයාට ඡන්දෙ දෙන්න එපා!
ඩිමොන්ෂියාව වගේ... චෝදනාවලට නිදොස් කොට කරන නිදහස් ලදි.... හැබැයි අපි චන්දෙදී බලාගමු !!!
එන්නත තමයි වැරැදි...!
ඕස්ට්‍රේලියාවේ සුද්දෝ එක්ක බාල් නටන්න ගිහින් බැල්කනියෙන් වැටිලා කකුල කැඩුණු වෙලාවේ ඔයා දන්නේ නැතිව මේ ගෙන්නපු එන්නත් වලින් එකක් විදින්න තිබ්බේ...
එන්නත් සිද්ධියට ඔහේ වැරැදි නැත්නම් යන්නත් සූදානම් වෙන්න...
කෙහෙලිය තමන්ට දීපු රාජකාරිය හරියට ඉටුකරලා නැහැ. මම පින්පඩි අරන් තියෙන්නේ ජනතාවගේ බදු සල්ලිවලින්... ඒක නිසා දඬුවමක් දිය යුතුයි. ඒකනේ අපි නිතරම කියන්නේ... අපේ රටේ ඇමැතිවරු ඕනෑ නැහැ... ඒ වෙනුවට මොන්ටිසෝරි ළමයි ටිකක් දාමු කියලා..
රටේ අහිංසක ලෙඩ්ඩුන්ටත් බාල බෙහෙත් ගෙන්නපු සහ සම්බන්ධ වුණු හැම කෙනෙක්ටම හෙණ ගහනවා. මොනවා නැති වුණත් ස්වභාව ධර්මය විසින් ඔය හැමෝටම උත්තර දෙයි.
වැරැදි නැතත් නිලධාරින් හොරා කනකම් මොනවා කරන්නද? යාන වාහන කෝටිගණන් වියදම් කරලා පත්කරලා තියෙන්නේ... මොකක්ද එයාගේ සේවය..?යමු හිරේට..!
තක්කඩියන්ට මොකට දෙනවාද ඇමැතිකම්?
මහජනයාට බරපතල වැඩ ඇතිව දඬුවම් ලැබී ඇති බවත්, ඇමැතිතුමා නිදොස් කොට නිදහස් කිරීමටත් මැතිවරණයෙන් බලාපොරොත්තු වෙමු.
අපේ කරුමෙට මෙහෙම අය මේ රටේ ඉපදිලා ඇමැතිකමක් අරගෙන... කටේ වාචාලකම තාම අඩු නෑ...
ඔබලාව විශ්වාස කළාට ඔයාලගේ හෘදශාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍ය. අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි. කල කල දේ... පල පල දේ...
බාල ඖෂධ ගෙන්වපු අයටයි, පවුලේ අයට සහ ගෙන්වන්න උදව් කරපු අයයි, ඒ අයගේ පවුලේ අයටයි ශාප වේවා !! හෙණ පහල වේවා ! මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියල්ලා.