IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


එන්නත් කරන හැටි බලන්න ජනපති විහාර මහා දේවි උද්‍යානයට

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා යුද හමුදාව කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පවත්වාගෙන යන කොරෝනා මර්දන එන්නත්කරණ මධ්‍යස්ථානයේ වැඩකටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (2) පස්වරුවේ එහි පැමිණියේය.

ජනාධිපතිවරයා එම මධ්‍යස්ථානයේ කටයුතු නිරීක්ෂණය සඳහා මෙලෙස පැමිණියේ පළමු වතාවටය.

ජනපතිවරයා එහිදී එම එන්නත්කරණ මධ්‍යස්ථානයේ කටයුතු තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය උපදෙස් හමුදා ප්‍රධානීන්ට ලබා දුන්නේය.

මේ අවස්ථාවට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු හමුදා ප්‍රධානීහු පිරිසක්ද සහභාගි වූහ.

කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ එන්නත්කරණ මධ්‍යස්ථානය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක කෙරෙන්නකි.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (12)

එන්නත් කරන හැටි බලන්න ජනපති විහාර මහා දේවි උද්‍යානයට

විජේ Tuesday, 03 August 2021 11:09 AM

ජනාධිපතිතුමා ඉස්සරාම මැද ඇඟිල්ල පෙන්නන්න පුලුවන් කොල්ලෙක් තමයි අපේ හමුදාපතිතුමා...

:       636       203

දාස Tuesday, 03 August 2021 11:40 AM

කිසිම ප්‍රශ්නයක් නැහැ .රටවැසියාගේ දුක සැප බලන්න ඇවිල්ලා මහ රජ්ජුරුවෝ .

:       478       106

ase Tuesday, 03 August 2021 12:24 PM

මොකද මෙ හමුදාවේ දෑ පමණක් අගයන්නේ ? අපේ ගම්වල පී.එච්අ.යි මහත්වරුන් සහ කාර්‍ය මණ්ඩලය උදේ සිට කාලයක් නොබලා කරන එන්නත්කරණය ඇතුලු අනික් දේ අගයයන් නැද්ද ?

:       711       261

Anura Tuesday, 03 August 2021 01:04 PM

ජනාධිපති තුමත් මෙම එන්නත්මයි ගත්තේ .හැබැයි දෙවෙනි මාත්‍රාව ගන්නවා දැක්කේ නැහැ

:       144       71

dambane apiTuesday, 03 August 2021 03:06 PM

දෙවැනි මාත්‍රාව

:       9       7

VithanaTuesday, 03 August 2021 03:48 PM

ඒ ගත්තේ දෙවෙනි එක.

:       13       3

Perera Tuesday, 03 August 2021 02:50 PM

කොරෝනා එක්ක කිසි කෙනෙකුට හැප්පෙන්න බැ වගේ සේරම පරාදයි

:       2       3

janahitha Tuesday, 03 August 2021 03:09 PM

අනෙක් අය කරන කැපකිරිම්ද පළකිරීම මාධ්‍යවල වගකීමක්

:       85       23

Vithana Tuesday, 03 August 2021 03:51 PM

හමුදා පාලනය සාධාරනීකරණය කරන්න කරන වැඩක්. මේ වගේම හෙමින් හෙමින් රටේ අනිකුත් කටයුතුත් හමුදාවටම දෙන්න. ඉස්කෝලවල ඉගැන්වීම, ඉස්පිරිතාලවල ලෙඩ්ඩුන්ට බෙහෙත් දීම, විශ්ව විද්‍යාලවල ඉගැන්වීම. නැත්නම් ඒ රැකියා කරන අයව හමුදාවට බන්දගෙන, ආයුධ පුහුණුව දීලා යුනිෆෝම් අන්දවන්න.

:       184       76

ජයරත්න Tuesday, 03 August 2021 05:24 PM

ජනාධිපතිතුමනි, පුත්තලම් දිස්ත්‍රික්කයේ ඉන්නවා එකම මාත්‍රාවක්වත් නොලැබුණු අය. ඒ ගැන ඔබතුමාගේ අවධානය යොමුවේවා..!!!

:       73       5

don keyTuesday, 03 August 2021 06:37 PM

පුත්තලමේ බූරුවන්ට කොරෝනා හැදෙන්නේ නෑ.. ඔක්සිජන් ඔනෙත් නෑ... විහිලුවක් කරේ හොඳේ... තරහ ගන්න එපා... එවයි එවයි ළඟදීම බඩු එවයි.. ඕඩර් කරලා තියෙන්නේ..

:       0       27

විජිත් Wednesday, 04 August 2021 06:06 PM

"වැඩ බැරි ටාසන් .." වසර දෙකකට ආසන්න කාලයක් පුරා, වාර්තා පිට වාර්තා තබමින්, ගැසට් ගසමින්, උදේ ගහපු ගැසට් හැන්දෑවට කැන්සල් කරමින්, අහිංසක දුප්පත් ගොවියන් නොමරා මරමින්, මිනීමරු කුඩ්ඩන් හිරෙන් නිදහස් කරමින්, කැළෑ කපමින්... ගුරුවරුන්ට නින්දා කරමින්... කොරෝනා වපුරමින්, චීනාට, ඉන්දියාවට, ඇමෙරිකාවට...බයේ ගුලි වෙමින් ..රටම මහා ගිනි ගොඩක් කරමින් පිස්සු නටන, මැදමුලන කෙනෙක් පිළිබඳ හාස්‍යයෙන් පිරුණු චිත්‍රපටිය තවමත් මහජන අපහාස, උපහාස , ශාප... මැද දියවන්නාවේ රඟ දැක්වේ. ඔබත් නොවරදවාම නරඹන්න. ප්‍රවේශමෙන්...!!! චිත්‍රපටිය නරඹන අතරතුර ඔබගේ මුදල් පසුම්බිය, වටිනා ආභරණ ගැන විමසිලිමත් වන්න. පික්පොකට් කාරයින් ඔබ පසුපස සිටියි.

:       2       115

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 551 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site