
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා යුද හමුදාව කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පවත්වාගෙන යන කොරෝනා මර්දන එන්නත්කරණ මධ්‍යස්ථානයේ වැඩකටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (2) පස්වරුවේ එහි පැමිණියේය.
ජනාධිපතිවරයා එම මධ්‍යස්ථානයේ කටයුතු නිරීක්ෂණය සඳහා මෙලෙස පැමිණියේ පළමු වතාවටය.
ජනපතිවරයා එහිදී එම එන්නත්කරණ මධ්‍යස්ථානයේ කටයුතු තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය උපදෙස් හමුදා ප්‍රධානීන්ට ලබා දුන්නේය.
මේ අවස්ථාවට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු හමුදා ප්‍රධානීහු පිරිසක්ද සහභාගි වූහ.
කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ එන්නත්කරණ මධ්‍යස්ථානය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක කෙරෙන්නකි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමා ඉස්සරාම මැද ඇඟිල්ල පෙන්නන්න පුලුවන් කොල්ලෙක් තමයි අපේ හමුදාපතිතුමා...
කිසිම ප්‍රශ්නයක් නැහැ .රටවැසියාගේ දුක සැප බලන්න ඇවිල්ලා මහ රජ්ජුරුවෝ .
මොකද මෙ හමුදාවේ දෑ පමණක් අගයන්නේ ? අපේ ගම්වල පී.එච්අ.යි මහත්වරුන් සහ කාර්‍ය මණ්ඩලය උදේ සිට කාලයක් නොබලා කරන එන්නත්කරණය ඇතුලු අනික් දේ අගයයන් නැද්ද ?
ජනාධිපති තුමත් මෙම එන්නත්මයි ගත්තේ .හැබැයි දෙවෙනි මාත්‍රාව ගන්නවා දැක්කේ නැහැ
කොරෝනා එක්ක කිසි කෙනෙකුට හැප්පෙන්න බැ වගේ සේරම පරාදයි
අනෙක් අය කරන කැපකිරිම්ද පළකිරීම මාධ්‍යවල වගකීමක්
හමුදා පාලනය සාධාරනීකරණය කරන්න කරන වැඩක්. මේ වගේම හෙමින් හෙමින් රටේ අනිකුත් කටයුතුත් හමුදාවටම දෙන්න. ඉස්කෝලවල ඉගැන්වීම, ඉස්පිරිතාලවල ලෙඩ්ඩුන්ට බෙහෙත් දීම, විශ්ව විද්‍යාලවල ඉගැන්වීම. නැත්නම් ඒ රැකියා කරන අයව හමුදාවට බන්දගෙන, ආයුධ පුහුණුව දීලා යුනිෆෝම් අන්දවන්න.
ජනාධිපතිතුමනි, පුත්තලම් දිස්ත්‍රික්කයේ ඉන්නවා එකම මාත්‍රාවක්වත් නොලැබුණු අය. ඒ ගැන ඔබතුමාගේ අවධානය යොමුවේවා..!!!
"වැඩ බැරි ටාසන් .." වසර දෙකකට ආසන්න කාලයක් පුරා, වාර්තා පිට වාර්තා තබමින්, ගැසට් ගසමින්, උදේ ගහපු ගැසට් හැන්දෑවට කැන්සල් කරමින්, අහිංසක දුප්පත් ගොවියන් නොමරා මරමින්, මිනීමරු කුඩ්ඩන් හිරෙන් නිදහස් කරමින්, කැළෑ කපමින්... ගුරුවරුන්ට නින්දා කරමින්... කොරෝනා වපුරමින්, චීනාට, ඉන්දියාවට, ඇමෙරිකාවට...බයේ ගුලි වෙමින් ..රටම මහා ගිනි ගොඩක් කරමින් පිස්සු නටන, මැදමුලන කෙනෙක් පිළිබඳ හාස්‍යයෙන් පිරුණු චිත්‍රපටිය තවමත් මහජන අපහාස, උපහාස , ශාප... මැද දියවන්නාවේ රඟ දැක්වේ. ඔබත් නොවරදවාම නරඹන්න. ප්‍රවේශමෙන්...!!! චිත්‍රපටිය නරඹන අතරතුර ඔබගේ මුදල් පසුම්බිය, වටිනා ආභරණ ගැන විමසිලිමත් වන්න. පික්පොකට් කාරයින් ඔබ පසුපස සිටියි.