IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


එජාපය හෙට 79 වැනි උපන්දිනේ සමරයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්තර උත්සවය බත්තරමුල්ල මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී හෙට (20) පෙරවරු 9ට පැවැත්වේ.

පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සංවත්සර උත්සවයට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ සියලුම පක්ෂ වලට ආරාධනා කර තිබෙන බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

" ඔබේ මතය දරන්න" ව්‍යවස්ථාපිත  ඒකාධිපතිවාදය පරදවන්න " එකට සිටගමු" යන තේමාව මුල් කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය මෙවර සංවත්සරය සමරනු ලබයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසූයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර සියලු බලමුළු එකට එක්වන තෝතැන්නක් ලෙස මෙවර එජාප සංවත්සර සැමරුම හඳුන්වා දිය හැකි බවයි.

ජාති ආගම් කිසිදු භේදයක් නොසලකා සියලු දෙනා එක් කරන පක්ෂයක් ලෙස එදා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ඇරැඹූ එක්සත් ජාතික පක්ෂය අදත් සියලු පාර්ශව එක් කරන " මහ ගෙදරක්" බවට පත්වීම සුවිශේෂී කාරණයක් වන්නේ යැයිද රුවන් විජයවර්ධන මහතා කීය.



අදහස් (1)

එජාපය හෙට 79 වැනි උපන්දිනේ සමරයි

C.K.Lankaputhra Friday, 19 September 2025 06:21 PM

නවය නපුරුයි. බලාගෙනයි!

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31493 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13820 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11063 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 152 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1067 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 296 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site