(සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවට එක්සත් ජාතික පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් විසි දෙනකු ළඟදීම එන බව සංචාරක හා වනජීවී නියෝජ්‍ය ඇමැති ආනන්ද අළුත් ගමගේ මහතා පැවැසීය.
අළුත්ගමගේ මහතා මේ බව පැවැසුවේ කොළඹ පදනම් ආයතනයේදී අද (30) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
ආනන්ද අළුත් ගමගේ මහතා මෙසේද කීය.
‘‘ආණ්ඩුව තවත් විස්සක් ළඟදීම එනවා.අපි දැන් ඒ අය එක්ක කතා කරලා ඉවරයි.මම ඉතා වගකීමෙන් කියන්නේ.දැනුත් මගේ වාහනේ ඒ එන මන්ත්‍රීවරයෙක් ඉන්නවා‘‘.
ඡායාරූප - රෝමේෂ් ධනුෂ්ක සිල්වා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවර එන අය නම් සෑබෑවටම හොඳයි වගෙයි දැනට පෙන්නුම් කරන්නෙ.
එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් තමන්ගේ නායක සහ ශ්‍රී ලංකාවේ නිත්‍යානුකුලව පත්වූ අග්‍රාමාත්‍යවරයා ආරක්ෂා කරමින් එතුමා වටා සිටීම අගය කල යුතුය. එපමණක්නොව අවස්ථාවාදී නොවී මුදලට තම පක්ෂය, පාක්ෂිකයා පමණක් නොව මන්ත්‍රීවරුන්වන ඔවුන්ගේ ආත්ම ගරුත්වය පාවා නොදී සිටීම ප්‍රශංසනීයයි. එක්සත් ජාතික පාක්ෂිකයන් ඔවුන්ගේ ක්‍රියාව අගය කරනු නොඅනුමානය. මහත්මා දේශපාලකයන් ලෙස මුදල්, සහ දුෂණය ඉදිරියේ නොසැලිසිටීම සහ ප්‍රතිපත්තිගරුකව සිටීමම එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් විසින් රටට ලබා දෙන්නේ ඉතා වටිනා ආදර්ශයකි.
ඒ කියන්නේ මේ ගොල්ලොන්ට 113ක් නෑ
මේ මිනිස්සු හිතාගෙන් ඉන්නේ අපිත් කන්නේ තණකොළ කියලද දන්නේ නෑ.
මේවගේ මිනිස්සුන්ට මොනවද කළයුත්තේ?
මෙගා පොලිස් වගේද?
පාර්ලිමේන්තුවට යවපු අයට ගහන්න ඕනේ..
මෙයාටනේ නියම ඇමතිකම ලැබුණේ ! නාවලපිටිය පැත්තේ වල් ඌරො කරදරේ මෙයා ඉවර කරලා දෙයි!
ඔබලා තුන්දෙනාම ඇමැතිකම්වලට පනින අය කියලා මුළු ලංකාවම දැන් දන්නවා. බලාගෙන හිටපල්ලා උඹලට වෙන දේ...
රෙදි වෙනුවට වෙනදෙයක් ඇඳගෙන ඇවිත් මෙහෙම කතා කළා නම් නේද හොඳ? ඔබතුමාට ලජ්ජා නැති වුණාට අපිට ලැජ්ජයි අහගෙන ඉන්න...
කමක් නැහැ ආවට. ඇමතිකම් නැහැ. ඇමති 15 හොදටම ඇති අපි වගේ පොඩි රටකට.
නියමයි මන්ත්‍රිතුමා. ඉක්මනින්ම පාර්ලිමේන්තුව කැදවලා පටන් ගමු වැඩේ.
මේවා මාධ්‍ය සංදර්ශන තියලා ඒ මිනිසුන්ව පාවලා දෙන්න එපා. එන එක්කෙනෙක් එයි. ඕවා ඉතින් අපිට අමුතු දේවල් නෙමෙයිනේ.
මුන් අපේ ඡන්දෙන් ගිහින් කෝටි ගණන් හොයනවා ........ ජනතාව ගොනාට අන්දලා මුන් සල්ලි හොයන එක කරන්නේ ...... සියලුම ජනතාව මෙය තේරුම් ගෙන මැතිවරණ වර්ජනය කල යුතුයි.
වන ජීවිය ගෙම්බෙකුට දීම ගැන අපේ සතුට.
මේ අයටද අපි ඡන්දෙ දුන්නේ..?