IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


එජාප මූලස්ථානය බලගැන්වීම මේ සතියේ ආරම්භ කරනවා

(අංජුල මහික වීරරත්න)

මෙම වසරේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය බලගැන්වීම මේ සතියේ සිට ආරම්භ කරන බව පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව පක්ෂ මහලේකම් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් සිරිකොත පක්ෂ මූලස්ථානය ඕනෑම ඡන්දයක් සඳහා මෙහෙයවීමට නියමිතවේ.

සිරිකොත වැඩ අරඹයි” යන තේමාව යටතෙ පටන් ගැනෙන ඡන්ද ව්‍යාපාරය සඳහා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතාද පූර්ණ කාලීනව සම්බන්ධ කර ගැනීමට තීරණය වී පවතියි.

සතියක විදේශ සංචාරයකින් පසු දිවයිනට පැමිණෙන වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා සමඟ ඡන්ද පොල හා ආසන මට්ටමින් සම්මන්ත්‍රණ මාලාවක් ආරම්භ කිරීමට ද මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සැලසුම් කර පවතියි.

 

 

 



අදහස් (0)

එජාප මූලස්ථානය බලගැන්වීම මේ සතියේ ආරම්භ කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site