(අංජුල මහීක වීරරත්න)
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය, සාමය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යධූරය ලබා දුන්නේ නම් පාස්කු ප්‍රහාරයෙන් පසු රජය ගත් පියවර ගැන ජනතාව අතර ප්‍රබල විශ්වාසයක් ඇති කරවන්නට හැකියාව තිබූ බව එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රීවරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ අද (15) කරුණු දැක්වූහ.
ත්‍රිවිධ හමුදාව හා පොලීසිය රාජ්‍ය බුද්ධි අංශ මග පෙන්වීම මත රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර තිබියදී දරුවන් පාසල් එවීමට දෙමාපියන් පසුබට වන්නේ ප්‍රබල විශ්වාසවන්ත ක්‍රියාමාර්ගයක් ප්‍රදාර්ශනය නොවීම නිසා බවද එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු අගමැති හමුවේ දීර්ඝ ලෙස කරුණු දැක්වූහ.
පසුපෙළ මන්ත්‍රීවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ සාකච්ඡා කරනු ලැබූවේ අරලියගහ මන්දිරයේ ඊයේ පැවැති හමුවකදී ය.
රට තුළ මීට වඩා බරපතල සිද්ධීන් ඇති වූ අවස්ථාවලදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සාර්ථකව මුහුණ දුන් ආකාරය ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් මන්ත්‍රීවරුන් හමුවේ දිර්ඝ ලෙස කරුණු දැක්වීය.
රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව අතර පවතින අවිශ්වාසය දුරු කිරීමට ආරක්ෂක විශේෂඥයෙකු වූ සරත් ෆොන්සේකා මහතාට බාරදීමෙන් කළ හැකිව තිබූ බව පසු පෙළ මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැඩිව සවන්දී සිටිනු දැකගත හැකිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව කතාකරල දැන් වැඩක් නැහැ ඔය නායකයන් වැඩ කරන්නේ තමන්ගේ දේශපාලන න්යායපත්රයට අනුව මිසක් රටට ආදරේකට නොවන බව දැන් පැහැදිලි වෙලා ඉවරයි , එජාපෙට සහ රටට්ට වෙන්න ඕනේ විනාශේ වෙලා ඉවරයි , කරුණාකර ඔබල සියල්ල එකතුවෙලා , කෙලින් තීරණ ගන්න පුළුවන් ජනතාව ඡන්දෙ දෙන නායකයෙක් සොයාගන්න ,
බොහොම කාලෙකින් වැදගත් දෙයක් කිව්වා මගෙ හිතේ.......
පසු පෙළ ඉදිරිපෙළ කියල කියුවට වැඩක් නෑ ඔක්කොම යුඈන්පි තමයි. කරුණාකර පෙළවල් දෙකම ඉල්ලා අස්වෙන්න.
මේක තමයි රනිල්ගෙයි අනෙක් නායකයින්ගෙයි තියන වෙනස. පසුපෙල මන්ත්‍රීන්ට පවා ඇහුම්කන් දීලා අදාල පියවර ගන්න තරම් ඔහූ නිහතමානියි. අනිත් නායකයෝනම් ගහල පන්නල මන්ත්‍රීල සෙට් එකට කට ගහගන එනව කියලා. මම දකින හැටියට රට ගැන කැක්කුමක් තියන එකම නායකයා.
ඉල්ලා අස්වී සම්පත් මහත්තයාට බාර දෙන්න. එතුමා වැඩේ නියමෙට දෙයි. අනේ මෙහෙම තණ්හාවක්..
මේවා බොරු විහිලු. MR වගේම හෝ ඊට එහා ගිය අන්ත ඒකාධිපතියෙක් වෙන්න හදනවා අගමැති. බොරුවට අහගෙන ඉන්නවා.. හැබැයි වැඩක් නෑ ... ජීවිතේට ක්‍රියාත්මක කරන්නේ නෑ .... තම මතයෙන් පිට දෙයක්.
ත්‍රිවිධ හමුදාව හා පොලීසිය රාජ්‍ය බුද්ධි අංශ මග පෙන්වීම මත රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර තිබියදී දරුවන් පාසල් එවීමට දෙමාපියන් පසුබට වන්නේ ප්‍රබල විශ්වාසවන්ත ක්‍රියාමාර්ගයක් ප්‍රදර්ශනය නොවීම සහ පුද්ගලික පන්තිවල ආරක්ෂාවක් නොමැතිව තිබෙන බව දනදැනත් දෙමව්පියන් දරුවන් යවන්නේ කුමන පදනමකින්ද කියා පක්ෂ දේශපලන, පොලිස්, ආරක්ෂක අංශ, රජයේ නිලධාරීන් මාධ්‍ය සකච්ඡාවක් තබා රටට විශ්වාසයක් ඇති කළයුතුය. වෙන කවුරු ආරක්ෂක ඇමති වුවත් කාටවත් මැජික් කිරීමට හෝ දැනට තිබෙනවාට වඩා යමක් කිරීමට හැකිද?
නම සඳහන් කරලා තියෙන විදියෙන්ම සම්පත් කවුද කියලා පේනවා...
බීරියන්ට වීණා වැයීම...
ආණ්ඩුවේ ඉන්න ත්‍රස්තවාදීන්ව ආරක්ෂා කරන සහ හමුදාවේ පොලිසියේ පරීක්ෂණවලට බාධාකරන දේශපාලකයින්ව අත්අඩංගුවට ගන්නකන් ජනතාවගේ විශ්වාසයක් නැහැ ආණ්ඩුව ගැන.. ඒ වගේම... බෝම්බ හදපු කම්මලේ වැඩකරපු ත්රස්තවාදීන් දවසින් අප ලැබෙනකොට ආණ්ඩුව ගැන ජනතාව කොහොමද විශ්වාස කරන්නේ.. පොලිසිය ගැන කිසිම විශ්වාසයක් නැහැ.. හමුදාව විතරයි ටිකක් හරි විශ්වාස කරන්න පුළුවන්.. එ්ත් හමුදාවට ඕනේ විදියට පරීක්ෂණ කරන්න දෙන්නේ නැහැ කියලා හමුදාපතිම කියනවා. මදයෙන් සැබෑ තත්වය කියන්න දෙන්නේ නැහැ.. වාරණයක් දානවා... එතකොට මහජනතාව සැකයෙන් ඉන්නේ.. ඒ නිසා ළමයින් පාසල්වලට කොහොමත් එවන්නේ නැහැ.
පාට පක්ෂ ආගම් භේද නොසලකා සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි.