



(ඩික්සන් වසන්ත)
එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී අද (24) පෙරවරුවේ වැඩබාරගත්තේය.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට සෞඛ්‍ය නීතිවලට අනුකූලව පැවැත්විණි.
මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද නියෝජ්‍ය නායක ලෙස රුවන් විජයවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම්, මහලේකම් රංග බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන සහ භාණ්ඩාගාරික මිස්බා සතාර් යන නිලධාරීහු පක්ෂයේ තම තමන්ගේ ධූරයන්හි වැඩ බාර බාරගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව නායක රනිල් මහතාට අපේ උණුසුම් සුබපැතුම්..!!!
උපදේශක තනතුරට මර්වින් සිල්වා මහතා පත්කර ගන්න.
ඔබලාට ජය ලැබෙන වසර 2072 වසරයි.
අපි ඉතාම පැහැදිලිවම ප්‍රතිචාර දක්වා තිබියදී ආයෙත් මොනවා කියන්නද? සෙට් එකම එකෙක් නෑර පාර්ලිමේන්තුවෙන් එලවලා ගාණටම කියලා දුන්නා... කෝ ලැජ්ජාවක් ගෑවිලාවත් තියෙනවද? ඊළඟට පළාත් සභා ඡන්දෙනුත් ඕනෑ නම් ආයේම කියලා දෙන්නම්... !! ඒත් ඉතිං විලිලැජ්ජා නැති කමට කොහෙද බේත් තියෙන්නේ...?
මේ කියන්නේ අර මන්ත්‍රීලා එක්කෙනෙක්වත් නැති පක්ෂය නේද?
ඒක තමයි කියන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයන්ට ඒ දේවත් තේරුම් ගන්න බෑ. අපි ඡන්දේ නුදුන්නේ මේ අය එපා හින්දයි. මේ ගොල්ලෝ හිතාගෙන ඉන්නවා රනිල් මහත්තයා ඇතුලු මේ කණ්ඩායමට තමයි රට කරන්න පුළුවන් කියලා. රනිල් මහත්තයා නැති දවසට එ.ජා.පය ඉවරද? දැන්වත් තරුණ නායකයෙකුට දෙන්න ඕනේ. ඊළඟ සැරේ ලක්ෂ දෙක හමාරත් නෑ. ජේ.ආර්. මැතිතුමා, ප්‍රේමදාස මැතිතුමා ගෙනාව අපේ පක්ෂය කෑවා. මහ බැංකු වංචාවෙන් අපිට අනිත් පාක්ෂිකයන්ට මුහුණ දෙන්න බැරි වුණා. පිරිසිදු පක්ෂයක් විදිහට දුරකථනයත් එක්ක ඉන්නවා. ආයේ රනිල් මහත්තයා ඉන්න කම් ඔය පක්ෂේ අපිට එපා. එහෙත් නව නායක රනිල් මහත්තයාට සුබ පතනවා. රටේ ජනතාවට තේරෙන භාෂාවෙන් ඉදිරියේදීවත් දේශපාලනය කරන්න අපේ ආශිර්වාදය. හැබැයි අපි දුරකථනයට...