


(දයාරත්න ඇඹෝගම)
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් රංග බණ්ඩාර යන මහත්වරු ඇතුළු මැතිඇමතිවරු පිරිසක් අද(27) ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබාගත්හ.
ඔවුහු ප්‍රථමයෙන් අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන පසුව, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදා ගනිමින් ආගමික වතාවත්වල නිරත වුහ.
ආගමික වතාවත්වලින් පසුව මාධ්‍යට අදහස් දක්වමින් එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙසේ පැවසීය.
“පුරප්පාඩු වී පවතින පාර්ලිමේන්තුවේ අසුන සඳහා හරිවේලාවට තීරණයක් රැගෙන පුද්ගයෙකු පාර්ලිමේන්තුවට යවනවා. අපට එච්චර ලොකු හදිස්සියක් නැහැ. පාර්ලිමේන්තුවේ මොනවද වෙන්නේ කියලා අපි බලාගෙන හිටියා මෙච්චර කාලයක්. පාර්ලිමේන්තුවේ හැසිරීම පිළිබදවත් ජනතාවගේ විවේචනයට ලක්වී තිබෙනවා.
රට වැටී ඇති තත්වය පිළිබදව සලකා බලන විට අද අපට අවශ්‍යව ඇත්තේ තනතුරු නොවෙයි. අපි කවුරුත් මැදිහත් වෙලා රටේ ජනතාවට සේවය කිරීමයි. රටේ තත්වය පිළිබඳව විශාල කනගාටුවක් තිබෙනවා. රට සංවර්ධනය වෙමින් ඉදිරියට යයි කියලා තමයි අපි බලාපොරොත්තු වුණේ. එහෙත් දැන් ප්‍රශ්න ගැටළු රැසකට මුහුණදීමට සිදුවෙලා” යැයිද ඒ මහතා පැවසීය.
මෙම අවස්ථාවට හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංදිත් සමරසිංහ, සමන් රත්නම්ප්‍රිය, අනුරාධපුර එජාප සංවිධායක නීතිඥ කස්තුරි අනුරාධනායක යන මහත්වරු ඇතුළු එජාප ක්‍රියාකාරීහු රැසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපිට එජාපයක් අවශ්‍ය නැහැ.
ලංකාවේ සමස්ත දේශපාලන ක්‍රියාවලියේ ප්‍රබල වෙනසක් උදෙසා දේශීය මෙන්ම විදේශීය ශ්‍රී ලාංකිකයින් උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට තිබේ. මේ වනවිට භික්ෂූන් වහන්සේලාට පවා රටට වෙනසක් අැතිවිය යුතුබව අවබෝධකොට ගෙන ඇත. ඒ වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමට මූලිකත්වය ගැනීම පමණක් නොව රටට අවශ්‍ය වෙනස සිදුවිය යුතුවන්නේ සිංහලයා, බෞද්ධයා පමණක් මූලික කොට නොව සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් බව භික්ෂූන් වහන්සේලා විසින් ජනතාවට අවබෝධ කළයුතුව ඇත. එවිට දේශපාලනය පහසු වේ. රටේ මුරදේවතාවුන් වශයෙන් හඳුන්වන භික්ෂූන් වහන්සේලා, අගරදගුරුතුමා, හින්දු සහ මුස්ලිම් පූජකතුමන්ලා සියලු දෙනා රට වෙනුවෙන් පළමුව එක මතයකට පැමිණිය යුතුවේ. ඔවුන් සියලු දෙනාම එක මතයකට පැමිණ එම මතය රටට හෙළි කල යුතුවේ. නව දේශපාලන සංස්කෘතියක් සහ රටට සැබෑ වෙනසක පදනම දැමිය හැකිවන්නේ එවිටයි, සුදුස්සාට සුදුසු තැන ලබාදෙන සැම ජාතියක්ම නියෝජනය වන තරුණ දේශපාලන කණ්ඩායමක් ඇතුළත් ජනතාවාදී රජයක් රටට බිහිකළ හැකිවේ. ජාතිබේද, අාගම්බේද නොමැතිව ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් යන චේතනාව රට තුළ ඇති කළහොත් සහ රටට ජාතිවාදී නොවන ජනතාවාදී අරගලයකට නායකත්වය ඉබේ මතුවනු ඇත.
කෝ තාම බැරිවුණා ජාතික ලැයිස්තුවෙන් කෙනෙක් පත්කරන්න. තාමත් කොන්දක් නැද්ද තීරණයක් ගන්න..? එජාපය 0ටම ගිය එක මූලික හේතුවත් ඕක තමයි ...