(අංජුල මහික වීරරත්න)

නීතිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම, සිංගප්පූරුවේ එක්ස්ප්‍රස් පර්ල් ( X-Press Pearl) නෞකාවේ හිමිකරුගේ නීතීඥයන් සහ  රක්ෂණකරුවන් සමඟ ඵලදායි සාකච්ඡාවක් කර ඇතැයි ජනාධිපති කාර්යාලය කියයි.

මෙම සාකච්ඡා ඊයේ(19) සහ පෙරේදා(18) පැවැත්වූ බවද ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

හිමිකම් තක්සේරු කිරීමේ ප්‍රගතිය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.