
(අංජුල මහික වීරරත්න)
එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් කොතරම් වන්දි මුදලක් රටට ලැබුනත් එයින් අපේ පරිසරයට සිදු වූ හානිය නැවත යථා තත්ත්වයට ගැනීමට නොහැකි වනු ඇතැයි පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවසන්නීය.
නයිට්‍රික් අම්ලය මුහුදු ජලයට එක් වූ විට ජල ජීවීන් සහ ජලජ පැලෑටි ,කොරල් පර පවා විනාශ වන බව කී අජන්තා පෙරේරා මහත්මිය මෙි නිසා ශ්‍රී ලංකා මුහුදු කලාපයේ මත්ස්‍ය ගහනයේ දැවැන්ත අඩු වීමක් සිදු විය හැකි බවද කියන්නීය.
මෙවැනි නැවකට වියහැකි විපතක් කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය උපකරණ නැතිනම් නැවට ලංකාවෙි මුහුදු කලාපයට පැමිණීමට ඉඩ දුන්නේ ඇයිදැයි ප්‍රශ්න කළ අජන්තා පෙරේරා මහත්මිය පරිසර අමාත්‍යාංශය ද මීට වඩා වගකීමෙන් ක්‍රියා කළ යුතු බවද කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දැක්ක එක ඇමතිවරයෙක් කියනවා " මේ වැඩෙන් අපට විශාල වන්දියක් ගන්න පුළුවන්. මේ වෙලාවේ ඒක හරි ප්‍රයෝජනවත්" කියල. "අපේ රටට ඩොලර් එන්නේ නැව් වලින්. මේ නැවේ ගින්නේ උෂ්ණත්වය 80% යි" වගේ ගොන් කතා කියන මිනිස්සුනේ මේවා භාරව ඉන්නේ.
ඔන්න කීයක් හරි නැව් සමාගමෙන් ඉල්ලගෙන පාර්ලිමේන්තු සෙට් එකට ඕනෑ වාහන ටික ගෙනත් දෙන්න...
ඉතින් ගිනිනිවනෝ, ගිනිනිවනෝ කියලා දීපු මර ලතෝනි වලින් වැඩක් වුණේ නැහැ නේද?
උදේට කණ්ණාඩියේ මුහුණ බලලා අහන්න මම ගොනෙක්ද? ගොන්වාහෙ කෙනෙක්ද කියලා?
වාසුගෙන් අහන්න...