(අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)
එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වීම පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නැවෙි ඇසිඩ් කාන්දුවක් වාර්තාවීමත් සමග නැව කටාර් දේශයේ හමාඩා වරාය වෙත යාමට උත්සාහ කොට ඇති නමුත් ඇසිඩ් කාන්දුව නිසා වරායට ඇතුල් වීමට කටාර් රාජ්‍ය අවසර දී නැතැයි ද එවන් අවදානම් සහගත නෞකාවක් මෙරට මුහුදු සීමාවට ඇතුල් වීම අහම්බෙන් සිදුවිය හැක්කක් නොවේ යැයිද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
" ඊට අවසරය ලැබුණේ කෙසේද?කාගෙන්ද? යන බරපතල ප්‍රශ්නය මේවනවිට පැන නැගී තිබේ.ජාතික ආරක්ෂාව පිළිබඳව පුන පුනා කතා කරන ආණ්ඩුව මෙවන් අවදානම් සහගත නෞකාවක් මෙරට මුහුදු තීරය වෙත පැමිණෙන තුරු නිහඬව සිටියේ ඇයි?
අදාල ගිනිගැනීම හේතුවෙන් සමුද්‍රීය පද්ධතිය ඇතුලු සමස්ථ පරිසරයට දැඩි අහිතකර බලපෑම් සිදුව ඇති බව වාර්තා වේ.'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාව ඉන්දියාවේ සහ කටාර් හි වරායන් දෙකකට ඇතුළුවීමට සිදුකළ ඉල්ලීම එම වරායන් ප්‍රතික්ෂේප කළ බවට පළවූ විදෙස් මාධ්‍ය වාර්තා පිළිබඳව අපගේ විශේෂ අවධානය යොමු කරන අතර මේ සිදුවීම හරහා පැන නගින විශේෂ ගැටලු රැසකි යනුවෙන් ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා හැදුණාම මොලයට ඔහොම අතුරු ආබාධ වෙනවලු... කියන ඒවා ගණන් ගන්න එපා.
ඔය කියන දේ බොහොම ආත්මාර්ථකාමී බවයි මට හිතෙන්නේ. කෙනෙක් කරදරයකට පත්වුණාම මුලින්ම ප්‍රතික්ෂේප කිරීම යහපත් ක්‍රියාවක් නෙවෙයි. නැවේ අවදානම් බව පරික්ෂා කර බලා අවදානම අඩුනම් වරායට ගෙන පිළියම් යෙදීම හෝ අවදානම වැඩිනම් වරායට නොගෙන උදව් කිරීම සුදුසු ආකාරයක්. ඔය වගේ දෙයක් ලංකාවේ පිරිසකට පිට රට ප්‍රදේශයකදී වුණා නම් කොහොමද? අනුන්ට කරදරයක් වුණාම ඔවුන්ව ප්‍රතික්ෂේප කර තමන්ට කරදරයක් වුණාම අනුන්ගෙන් උදව් බලාපොරොත්තු වීම අගය කළ හැකි දෙයක් යෑ?
මේක කොළඹ වරායෙ මෙහෙයුම් කට්‍යුතු කරන්න සැළසුම් වෙලා තිබුන නැවක්. අනික නැව ආවෙ ඔය කියන වරායන් දෙකටම ගිහින් ඒවයෙ භාණ්ඩ මෙහෙයුම් සිදු කිරීමෙන් පසුවයි.. නිකං බොරුවට දේශපාලන වාසි ගන්න කරුනු නොදැන කතා කරලා පච වෙන්න එපා. පැකනිල් බීප්න් කියපු එකේ, දෙක තමා එහෙම වුනොත්..
අවුරුදු 30,40ක් වත් යනකන් මේ විනාශයේ බලපෑම අපේ පරිසර පද්ධතියට බලපාන්න ඉඩ තියෙනවා. නෞකාවේ තියෙන ටොන් 300කට අධික ඉන්ධන මුහුදට එකතු වුණොත් සියගාණක් මුහුදු තීරයේ වෙරළ කලාපයට දැඩි හානි සිදුවෙන්න පුළුවන්. රටවල් 2කම වරායවල් ප්‍රතික්ෂේප කරපු නැවක් රටට ඇතුලු කරන්න කලින් සියපාරක් හිතන්න තිබුණා. ඒත් අපේ අය කරේ දැන් පාලනය කරා, උෂ්ණත්වය මැන්නා වගේ පුරුදු බයිලා ගහලා සිද්ධිය යටගහපු එක... ඒකෙන් අද වන්දි ගෙවන්නේ මේ මුලු රටම....
ප්‍රධානම දේ නම් බලධාරීන්ට මේ වගේ අවබෝධයක් නැති කම.. කීදෙනෙක් දන්නවද දන්නේ නැහැ නයිට්‍රික් කියන්නේ මොනවාද කියලාවත්.. අවබෝධයක් තිබුණත් වෙන්නේ දේශපාලන අතපෙවීම්.. විරුද්ධ පක්ෂයේ බොරදියේ මාලු බාන්නයි යන්නේ. ඒ අය හිටියත් මේ ටිකම තමයි... වෙනසක් නැහැ.