
(යොහාන් භාසුර)
‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකාවට ඇතුල්වීමට අවසර ලබාගැනීමේදී ගින්නක් පිළිඳව කිසිඳු දැනුවත්කිරීමක් කර නැතැයි නාගරික සංවර්ධන,වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරවීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අවධාරණය කරයි.
‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව පසුගිය 20 වැනිදා මධ්‍යම රාත‍්‍රී ශ්‍රී ලංකාවට ළගාවූ බවත් එම නැව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල්වී පැය 12 කට පසුව ගින්නක් පිළිබඳව ඊමේල් මාර්ගයෙන් දැනුම් දුන් බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියයි
එදින මධ්‍යහන 12.00 යොමු කර තිබූ දෙවැනි ඊමේල් පණිවුඩයේ ද හදිසි තත්වයක් සඳහන් නොවූ සාමාන්‍ය එකක් බවත් පස්වරු 2.00 ට පමණ හදිසි තත්වය දැනුම්දී සහාය ඉල්ලූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට තියෙන ප්‍රශ්නේ, හදිසියකට කවුද ඊමේල් යවන්නේ? අනික නැවේ ගින්න යන්තම් පටන් ගත්ත ගමන්... නැව ටැග් බෝට්වලින් අරන් යන්න තිබුණා. රටට වන අහේනිය අවම කරන්න..
ඉතින් හදිසි තතිවයක් පිළිබඳව අපි ක්‍රියාත්මක වුණේ කොච්චර කාලෙකට පස්සෙද?
අන්තර් ජාලයෙන් : "එක්සප්‍රේස් පර්ල් නැව මැයි මස 10 දින ඩුබායි හි 'ජෙබෙල් අලි' වරායෙන් නයිට්‍රික් ඇසිඩ් මෙට්‍රික් ටොන් 25 ක් ඇතුළුව බහලුම් 1486 ක් පටවා ගෙන පිටවුවාට පසු ආරාබි මුහුදේදී බහලුම් 2 ක නයිට්‍රික් ඇසිඩ් කාන්දු වන බව සොයාගෙන ඇත. ඒසමගම නැව කටාර් දේශයේ Hamad වරාය වෙත යාමට උත්සාහ කලද ඇසිඩ් කාන්දුව නිසා එයට අවසර ලැබී නැත.
මොන මරණය වුණත් කමක් නෑ.. වන්දි හම්බවෙන නිසා එන්නත දුන්නාද?
ඊමේල් ලැබුණේ නැතත් 21වැනිදා උදේ පත්තරවල හෝ මාධ්‍යවල කියැවුණා කොළඹට වරාය අසල නැවකින් කහ පැහැති දුමාරයක් එන බව, එතකොට කව මොනවද? එතකොට නැව යාත්‍රා කරන්න පුළුවන්... සොයාබලා යමක් කරන්න තිබුණා. ඕනෑම කෙනෙකුට පැහැදිලි වෙනවා... යම් ඉපැයීමේ අරමුණින් මෙයට අත ගැසූ බව... දැන් දෙපැත්තම තමනට වාසි කතා ගොතාවි. නමුත් ඇසට පෙනෙන දෙය නම් ඕකයි.
මේ කියන්නේ නැවේ කපිතාන් ඔබව ගොනාට ඇන්දුවා කියලද
මේ සිද්දියේදී රත්තරන් කොමිස් ගැහුවේ නැහැ කියලා ඔබලාට සහතික වෙන්න පුළුවන්ද?