(හර්ෂණ තුෂාර සිල්වා)
කතානායකවරයා සමඟ සාකච්ඡා කර කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවධාරණය කරන බව එක්සත් රාජධානියේ ආසියානු සහ ශාන්තිකර කටයුතු පිළිබඳ අමාත්‍ය මාර්ක් ෆීල්ඞ් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමෙන් පසු එක්සත් රාජධානිය මෙරට දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය විය.
එක්සත් රාජධානියේ ආසියානු සහ ශාන්තිකර කටයුතු පිළිබඳ අමාත්‍ය මාර්ක් ෆීල්ඞ් මහතා නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
“ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය මම සමීපව නිරීක්ෂණය කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවත්වාගෙන යන ලෙසත් අදාළ දේශපාලන හා නෛතික ක්‍රියාවලියට අනුව කටයුතු කරන ලෙසත් මම සියලු පාර්ශ්ව වලින් නැවත වරක් ඉල්ලා සිටිනවා.
කතානායකවරයා සමඟ කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි මම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවධාරණය කරනවා. එමගින් ප්රජාතන්ත්රවාදී ලෙස තේරී පත්වූ ශ්‍රී ලංකා ජනතාවගේ නියෝජිතයන්ට ඔවුන්ගේ හඬ නැගීමට අවස්ථාව ලැබෙනවා.
එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ මිත්‍රයකු ලෙස ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් , ශ්‍රී ලංකා රජය සහ එරට ජනතාව සමඟ ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් සහ ප්රතිසන්ධාන කටයුතුවලදී සහයෝගයෙන් කටයුතු කරන බව ද කිව යුතුය”.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි තාම මෙයාලගේ යටත් විජිතයක්ද?
මෙයා කව්ද අපේ රටේ දේවල් වලට මැදිහත් වෙන්න. දැන්වත් මේ අයට අපේ රටට මැදිහත් වෙන්න දෙන්න එපා .
මෙන්න කියලා දෙන්නකො ලංකාවමේ අයගේ යටත් විජිතයක් නෙවෙයි කියලා .
ඇත්තම කියන්න. එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ මිත්‍රයෙක්ද?
ජනපති බලතල යටතේ රට තුළ කළ ක්‍රියාවකට එරෙහිව නියෝග දෙන්නෙ, මොහු හිතන් ඉන්නවද තාමත් ලංකාව ඔවුන්ගේ කොටසක් කියලා.
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. චීනේ ඉද්දි අපට මොකටෙයි ඒගොල්ලෝ?
මේ අය හිතන් ඉන්නේ ලංකාව තාමත් ඒ අයගේ යටත් විජිතයක් කියලද දන්නේ නෑ. ලංකාවේ නීතිපතිවරයා පවා පිලිගන්නවා අගමැති පත්කිරීම නීතියානූකූලයි කියලා. එහෙම කියලා තියෙද්දිත් මේ අය එනවා අපේ රටට නීතිය උගන්වන්න. අපේ රටේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මේ ගැන නිවැරදි පැහැදිලි කිරීමක් කල යුතුය.
අනේ මන්දා තාම අපි යටත් විජිත යුගයෙහි ද ඉන්නෙ ලංකාවේ ජනතාවයි තීරණ ගත යුත්තෙ ලංකාව සම්බන්ධව. එක එක රටවල් ඕන විදිහට අපි නැමෙන එක හරි නැහැ නේද.. රනිල් වික්‍රමසිංහ මහත්මයා ආණ්ඩුව හරියට කලා නම් රටෙහි ජනතාව ඔබතුමා සමගයි. ඒත් අවසනාවට එහෙම වුනෙ නැහැ. 16 වෙනිදාට බලය පෙන්වලා අගමැතිකම ආපහු ගන්න එතකොට වැඩේ අහවරයි.
මෙතන අදහස් දක්වලා තියෙන හැමෝම දන්නේ නැහැ හෝ හිතන්නේ නැහැ මොවුන් මෙහෙම කියන්නේ කාගේ වුවමනාවටද කියන එක. මීට දින කිහිපයකට පෙර අවස්ථා කිහිපයකදී විදෙස් තානාපතිවරුන් අරලියගහ මන්දිරයට කැඳවලා ලංකාවට අරක කරන්න.. මේක කරන්න.. කියලා මොවුන්ට උපදෙස් දුන්නේ කවුද කියන එක අපේ රටේ මිනිස්සුන්ට මෙච්චර ඉක්මනින් අමතක වීම පුදුම සහගතයි.
ඔබලා අපිත් එක්ක අමනාප වෙන තරමට රටට හොඳයි..
අපේ නායකයින්ගේ තියෙන බල ලෝභීත්වයේ හැටියට ලංකාවේ මිනිස්සු මෙහෙමවත් ඉතුරුවෙලා තියෙන්නේ ඉන්ටර්නැෂනල් කමියුනිටි එකේ පීඩනය නිසා...
අපි අපට අවශ්‍ය නය ගන්නෙත්, විදේශ විනිමය උපාය ගැනීමට අපගේ භාණ්ඩ විකුණා ගන්නෙත්, ඔය කියන බටහිර රටවලටමයි. එම නිසා, කියන්ට අකමැති වුනත්, යථාර්තය නම් තවමත් අපි, ලෝකයේ ධනවත් රටවලට ගැතිව වහල් යුගයක ජිවත් වෙන රටක්...
වැඩේ හොද උනත් මෙය නොකළ යුතුදෙයක් .
ලෝකේ පුරා ණය වෙච්ච හිඟන ජාතියක් හැටියට පීචන් වෙලා ඉඳගෙන සිංහයන් වගේ ගර්ජනා කරන්න බැහැනේ!
මේක අපේ රට. ඔහෙලා ඔහෙලාගේ වැඩ බලා ගන්න.....
මේ සිද්ධ වුණු දේවල් ඇත්තටම නම් ව්‍යවස්ථාවට අනුකූල නැහැ. එය පැහැදිලිවම ජනතා පරමාධිපත්‍යයට දුන්න ඇතුල් පහරක්. 2004දී චන්ද්‍රිකා කුමාරණතුංග කරන ලද ආණ්ඩු පෙරලියේදී ඇය කරපු දේට අභියෝග කරන්න බැරිවුනේ, ව්‍යවස්ථාවේ කුමන හෝ වගන්තියක් ඇය උල්ලංඝනය නොකල නිසා. එහෙත් 2018 දී මේ ජනාධිපති කල මේ වැඩේ ව්‍යවස්ථාවට විරුද්ධ වෙන්නේ 19 වැනි සංශෝධනයේ පරමාර්තයෙන්ම එය ව්‍යවස්ථාවට පටහැනි නිසයි. ව්‍යවස්ථාව සිංහලද, දෙමළද, ඉංග්‍රීසිද කියන එක නෙමෙයි ප්‍රශ්නේ, මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ සමග ජනතාව එදා ඉල්ලුවෙම ජනාධිපති සතු බලතල අත්තනෝමතිකයි, ඒවා ඉවත් කරන්න කියලා. ඒ නිසා ජනාධිපති සතුව තිබූ බලතල 2015න් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ කප්පාදු කළා. ඒ බව දැන දැන ශ්‍රේෂ්ටාධිකරණයෙන් මේ සඳහා නිර්වචනයක් ගන්න බලාගෙන තමයි මේ වැරදි දේ කලේ. මේ දුන්න පුර්වාදර්ශය චන්ද්‍රිකාගෙන් පස්සේ ඩබල් ට්‍රිබල් වෙලා මෙදාපාර 2018 දී කරා. ඉදිරියට ඔයිට එහා ගිය දේවල් වෙයි.
මෙය ප්රජාතන්ත්රවාදයට දුන්නු ඇතුල් පහරක් විතරක් නෙමෙයි, කිහිප දෙනෙක් එකතුවෙලා රටේ අනාගතය සහ නීතියේ ආධිපත්‍ය බල්ලට දැම්ම එකටයි මේ විරුද්ධ වෙන්නේ. බ්‍රිතාන්‍ය ප්රමුඛ යුරෝපා සංගමය අපිට හිතවත් මිනිස්සු. ඒ මිනිස්සුන්ට තමන් දරණ මතය කියන්න අයිතියක් තියෙනවා. අපිට විතරක් නෙමෙයි මියන්මාරයටත් ඒ දේ කළා.1989 දී හිටපු තානාපති ග්ලැඩ්ස්ටන් එලෙව්වෙත් ඔය හින්දයි. ඒත් එදා ග්ලැඩ්ස්ටන් අපිත් එක්ක හිතවත්ව සිටිය කෙනෙක්. යමෙක් යම් දෙයක් වැරදියි කියනවා නම් ඇයි වැරදි වෙන්නේ කියලා හිතන්න බැරි ජාතියක් සදාකාලිකව දුක් විඳින ජාතියක් වෙනවා. එවැනි ජාතියකට අනාගතයක් නැහැ. අපිට ඉස්සරහට බලාගන්න පුළුවන් ඒ ගැන. ඒ නිසා මේ වගේ උඩු බුරලන කණ්ඩායමට කියන්න තියෙන්නේ එක දෙයයි. "දැන් දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලාගෙන ඉඳපල්ලා" කියලා ඉන්න විතරයි...
පලයන් සුද්දා යන්න. උඹලා යුද්ධය කාලෙත් අපි ගැන සෙව්වද? බැංකු හොරකමේදී රනිල්ගේ කෙරුවාවල් ගැන සොයා බැලුවාද?
සුද්දෝ ස්මාට් කියන්නේ අඳින අැඳුමටවත් - උස මහතාටවත් නොවේ. කරන හරි ක්රියාවලින්ටයි.
අපි හරි අසරණ ජාතියක්... අපිට පුළුවන්ද උතුරුකොරියව වගේ වෙන්න. බැහැනේ... අපිට පිට රටින්නේ නැව් 23ක් ආවේ. නැතිනම් හැමට මැරෙන්න වෙන්නේ ඔය පම්පෝරි ගහන ෆේස්බුක් වීරයන්ට කන්නදෙන්න පුළුවන්ද මිනිසුනේ? සුළුවාසිය තකා වැඩ කටයුතු නවතා මෙයට හොඳ විසඳුමක් සොයන්න පුද්ගලයෙක් පසුපස දිවීම ඵලක් නැත..
මම දන්නවා මහින්ද ඒ අයට යටවෙන්නේ නෑ කියලා. ඒකයි මේ කැනහිලුන්ට දුක. නැතුව රටේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදය ගැන ඒ අයට ඇති කැක්කුමක් නෑ. හොර ඩීල් ජාත්‍යන්තර කුමන්ත්‍රණ ඔක්කොටම හිතාගන්න බැරි විදියට කෙළ වුණා.. ඒකයි ජාත්‍යන්තරේ අය අඬන්නේ..
මෙවැනි බාහිර බලවේගවලට දියහැකි හොඳම පිළිතුර ඒවා නොසලකා හැරීමයි. ඔවුන්ට පිළිතුරුදීමට අපට කිසිඳු අවශ්‍යතාවයක් නැත...
එක්සත් රාජධානිය යනු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළෙඳපොළක් වන අතර ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසවලදී ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයන් පැමිණ ඇත්තේ ද එක්සත් රාජධානියෙනි.
එයා කව්ද එහෙම කියන්න...
ඔය වගේ චණ්ඩි කතා කියන්න පුලුවන් අපි ස්වයංපෝශිත රටක් නම්...අැල්පෙනෙත්තෙ ඉඳන් පිටරටින් ගෙන්නන අපිට ජාත්‍යන්තරයේ සහය නොලබා පවත්වාගෙන යාම අමාරුයි. කන්න නැතුව මැරෙන්න තමා වෙන්නෙ
මෙතන ජාතිකත්වය ගැන ලොකු කතා කියන ගොඩක් අය වැඩ කරන්නෙ එංගලන්තේ ඇමරිකාවෙ බහු ජාතික සමාගම් වලට කියල අමතක වෙල.
ඕකට තමා කියන්නේ ගේ ගින්දර පිටට දෙන්න හොදත් නැහැ පිට ගින්දර ගෙට ගන්න හොදත් නැහැ කියල. රනිල් පහු ගිය දවස් ටිකම කලේ ජාත්‍යන්තර මාධ්‍ය හරහා ලෝකෙට ලොකු ප්‍රචාරයක් කරපු එක.. රනිල් කියන්නේ ඉංගිරිසි පන්නෙට හැදුන මිනිහෙක්නේ.. රනිල් කියන දේ ලෝකේ අනික් රටවල් පිලිගන්නවා.. රනිල් මහත්තයට ඕන උනේ ඔන්න ඕක කර ගන්න.. ජාත්‍යන්තරෙන් බලපෑම් ඇති කරන්න.. ඕකෙන් වෙන්නේ වෙන රටවල් අපේ ප්‍රශ්නෙට අත පොවන එක. අපි තවම එයාලගේ යටත් විජිතයක් නෙවෙයි කියලා ඒගොල්ලෝ හොදටම දන්නවා. නමුත් ලෝකේ අනික් රටවල් වලට විරුද්දව අපිට තනිව නැගී සිටින්න බැහැ. රනිල් මහත්තයට ඕන උනේ ඔන්න ඕක කර ගන්න..
එල්ටිටීඊ එකත් එක්ක අවසන් යුධ සමයේත් මෙයාල අපිට මේ විදියටම යුද්දේ නවත්තන්න අණ දීගෙන ආව. මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙයාලට ලස්සනට උත්තර දුන්න හැටි අපිට තාම මතකයි. දැන් අපිට ඉන්නේ ඒ කොන්ද පන තියන නායකයා.
බටහිරින් කෙරෙන මෙම ප්‍රකාශ නිසා ලබන ඡන්දෙදි අතුගෑවිල යන්න ඉඩ තියෙනවා
රටේ නීතිය නමන්න මේ අයට පුළුවන්ද? හිටපු අගමැති ජාත්‍යන්තරයට දුන්නු බලතලය මේක තමයි. තව තියාගෙන හිටියා නම් අපට අඩි හයත් සල්ලි දීලාගන්න තිබුණා.. පක්ෂභේද අතහැර මේ මොහෙතේ රට ගැන හිතුවොත් හොඳයි...
ඇයි මොකද ඔයා?
අපි හැමෝම දක්ෂ කථිකයෝ නමුත් අපි හැමෝගෙම වැඩ බින්දුවයි. හැම මනුස්සයම ඉගෙන ගෙන, රස්සාවල් කරන්න යන්නේ සුද්දගේ රටට. මොකද අපේ හැම දෙයක්ම අපිම විනාස කරගෙන ඉවරයි. අපි තනිකරම යැපෙන්නේ වෙන රටවල් දෙන ආධාර සහ ණයවලින්. දේශපාලකයෝ සහ රජය නිලදාරීන් තනිකරම දේපොළ ගන්නේ මේ තියන රටවල. මොකද අපේ රටේ දැන් අධ්‍යාපනය දියුණු කරන්න බැහැ අන්තරේ එක්ක. ලංකාවේ තියන සල්ලි ඔක්කොම වෙන රටවලට දීලා යනවා