(රෝහණ චන්ද්‍රදාස )
වල් අලියකුගේ ප්‍රහාරයකට ලක්ව පරංගියාවාඩිය නබඩවැව 39 හැවිරිදි කාන්තාවක් අද (23) මියගොස් ඇතැයි හොරොව්පතාන පොලිසිය පැවැසීය .
පරංගියාවාඩිය නබඩවැව පදිංචි ගෙවිලියක වන 39 හැවිරිදි එක් දරු මව මියගොස් ඇති අතර තම නිවෙස ඉදිරිපිට වත්තේ වගාකර ඇති රටකජු වගාව ගැන බැලීමට ගිය අවස්ථාවේ එක්වරම ඇය පසුපස අලියා පැමිණ පහර දී ඇති බවත් අනාවරණය වී තිබේ.
හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක ඒ.ර්ල්.අබ්දුල් සුබුහාන් මහතා සිද්ධිය වූ ස්ථානයට ඊයේ ගොස් හදිසි මරණ පරීක්ෂණය සිදුකර ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යැවීමට ඒ මහතා හොරොව්පතාන පොලිසිය නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ ගම්බදව වෙසෙන අහිංසක ගොවීන්ට පහරදෙන වල් අලින්ට වෙඩි තියන්න මේ තරම් මැලි වෙන්නේ? ඒ මේ මිනිසුන් දුප්පත් නිසාද?