(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකුට ගහලා මරලා තිබෙන පසුබිම තුළවත් රටෙි ප්‍රශ්න විසඳා ගැනීම සඳහා 225ටම එකතු වන්නට බැරි ඇයි දැයි සමගි ජනබලවේගයේ පත් පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය.
අඩු ගණනේ මාස තුනකට හෝ එකතු වී රටේ ප්‍රශ්න විසඳා ගනිමු යැයි වැඳලා ඉල්ලන බවද හරීන් ප්‍රනාන්දු මහතා කීය.
"අපි අපිම විවේචනය කර ගැනීම තුළයි මේ ඉරණම ඇතිවී තිබෙන්නේ. 225 තවම ඒ දේ තේරුම් ගෙන නැහැ .අපේ පක්ෂයෙන් වෙන්න පුළුවන් .ඒ පක්ෂයේ වෙන්න පුළුවන්. අපි කතා කරන්නේ රටට අවශ්‍ය දේ නොවේ"යනුවෙන් ද හරීන් ප්‍රනාන්දු මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික වීරයෝ...!
ඔච්චර රඟපාන්න එපා. රනිල්ගෙන් අගමැතිකම් ගන්න ඕනෑ නම් ගිහින් ගන්න. මිනිස්සු මුලා නොකර...
ගෝඨාභය කියන නායකයා සහ ඔහු ආරක්ෂා කරන රනිල්ට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබුණත් රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් නැහැ. ඔක්කොම එකට එකතුවෙලා ආණ්ඩුවේ ඔලුගෙඩි ගණන වැඩිවුණා කියලා මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. රට වැසියන්ගෙන් 90% ක් ගෝඨා සහ ඔහුගේ ආණ්ඩුවට වෛර කරනවා. ඔවුන් උද්ඝෝෂණ, වර්ජන කරමින් සිටිනවා. විදේශ ශ්‍රමිකයා ඩොලර් ටික ලංකාවට එවන්නේ නැහැ. මේ ක්‍රමයට රට ඉදිරියට ගෙනියන්න බැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න හොරු බලන්නේ වැඩිවන ජනතා අප්‍රසාදය මධ්‍යයේ තම හොරකම් වහගන්න, 2015දී මෙන් ඔක්කොම එකතුවෙලා, බඩගින්නේ හිටියත් කමක් නැහැ. අලුත් ආණ්ඩුවක් යටතේ මේ හොරුන්ට දඬුවම් දෙන්න ඕනේ...
අන්තවාදීව නොසිතා සමබරව සිතන පුරවැසියන් කොටසක් තවම රට තුළ සිටිනවා. ඔවුන් පුළුල් දැක්මක් සහිත සහ රටට සැබෑවටම ආදරය කරන අය... පාර්ලිමේන්තුව තුළ තව තවත් සිදුවන්නේ විහිළු සහ ඔවුන්ගේ ප්‍රශ්න ගැන පමණක් කතා කරන එකනම් සමබර, බුද්ධිමත් පුරවැසියන් සියලුදෙනාම මේ මඩ ගොහොරුවට විරෝධය පාන එක වළක්වන්න බෑ...
සත්‍ය වශයෙන්ම මොවුන් මේ හඬමින් වැඳ වැටෙනුයේ රටේ පුරවැසියන් වෙනුවෙන්ද? පසුගිය දින දෙකක කාලය තුළ පාර්ලිමේන්තුව තුළ ඔවුන් විසින්ම ඔවුන්ගේ ක්‍රියා කලාපයන් විවේචනය කරගැනීමට සිදුවීම දෛවයේ සරදමක් වැනියි...
වැඳවැටිලා එකතු වෙයල්ලා පක්ෂ මාරු කරනවට එරෙහිව..., ජනතා දේපළ මංකොල්ල කනවාට එරෙහිව.., වැරැදිකරුවන් වූවන් නිදහස් කරනවාට එරෙහිව, රට පාවාදෙන ව්‍යවස්ථා සංශෝධනවලට එරෙහිව...
ජනතාව වැඳවැටිලා කියන්නේ 225ම පන්නමු කියලා. ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත් ජනතාව මහාපාරට වැටෙන තැනට කටයුතු කරපු දේශපාලුවන්ගෙන් මොකක්ද ඇති ඵලේ...?
මහබැංකු අධිපතිතුමාත් මිනිස්සුන්ට තග දානවා වගේ... ඩොලර් එවන්න කියලා අතේ තියෙන ඩොලර් රාජසන්තක කරනවා කියනවා. පාර්ලිමේන්තුවේ අයට මෙලෝ දෙයක් තේරෙන්නෑ.. ඒ අය නන් දොඩවනවා. සමහරුන්ට ඇමැතිකම් වලට මරාගන්න යනවා. මෙහෙම ගියොත් ඉතා ඉක්මනටම $1 500ට යනවා. අද උද්ධමනය සියයට දෙසීයක් විතර වෙනවා. මිනිසුන් මුලා කරන්න සීයට පොලිය ගැන කතාව. එකම විසඳුම ගෝඨාභය ගෙදර ගිහිල්ලා ඡන්දයකින් අලුත් ආණ්ඩුවක් පත්වන එකයි. මේ අය කරන පිස්සු වලින් රටට වන පාඩුව ඡන්ද වියදමට වඩා වැඩියි...!