(කේ බුද්ධික කුමාරසිරි)

කැළණි ගගේ ඇඹුල්ගම ප්‍රදේශයෙ දිය නෑමට ගිය තරුණයන් තිදෙනකු අතුරින් එක් අයකු අද (16) දින සවස දියේ ගිලී අතුරුදන්ව ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.

එකට දිය නෑ තරුණයන් දෙදෙනකු ගොඩවිත් අනිත් මිතුරා සෙවීමේදී ඔහු අතුරුදහන් බව දැන හංවැල්ල පොලිසියට පැමිණිලි කර ඇත.

මෙලෙස කැළණි ගගේ අතුරුදන් ව ඇත්තේ ඒ ආසන්නයේම ටයර් වෙළදසලක සේවය කල තරුණයෙකි.

හංවැල්ල පොලිසිය වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි.