
(අංජුල මහික වීරරත්න)
විදෙස්ගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ගේ ආයෝජන සඳහා ඌණ උපයෝජිත ඉඩම් ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ වන වැවිලි අංශය, ප්‍රජා යටිතල පහසුකම් අංශය සහ රාජ්‍ය වැවිලි සමාගම්වලට අයත් ආයතන මගින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 වසරේ සැලසුම් මෙන්ම ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
එමෙන්ම, රුපියල් මිලියන 1,081ක ප්‍රාග්ධන ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වැවිලි අංශයේ වතු ඉඩම් වටමැනුම් වැඩසටහන, පොල් වගාවේ රෝග පාලනය සහ මර්දන වැඩසටහන, කප්රුක අරමුදල, පොල් නිෂ්පාදනය ඉහළ නැංවීම සහ උතුරු පොල් ත්‍රිකෝණ වැඩසටහන පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
වැවිලි ක්ෂේත්රයේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී විමසා බැලූ ජනාධිපතිවරයා මලෛගම් ජනතාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය නිසි කාලය තුළ අවසන් කර ජනතා අයිතියට පවරා දීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd