
(ජේ.ඉඳුරුවගේ )
අ.පො.ස.උසස් පෙළ විභාගය (2023) හෙට සිට (4) ආරම්භ කර 31 දක්වා විභාග මධ්‍යස්තාන 2298 කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ව්භාග කාලසටහන අනුව මෙවර මෙම විභාගය දින 22 ක් පැවැත්වේ.
මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 2,81,445 ක්ද පුද්ගලික අයදුම්කරුවන් 65,531 ක්ද වශයෙන් අයදුම්කරුවන් 3,46,976 ක් පෙනී සිටීමට නියමිතයි .
මෙම විභාගය සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්තාන 2298 ක් , විභාග සම්බන්ධීකරණ මධ්‍යස්තාන 319 ක් සහ ප්‍රාදේශිය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32 ක් පිහිටුවා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.
කාල සටහන මේ සමග අමුනා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd