IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


උසස් පෙළ සමයේවත් විදුලි කප්පාදුව නවතන්න

(නිමල කොඩිතුවක්කු)

අපොස උසස් පෙළ විභාගය ආරම්භ දිනයේ පවා  විදුලි කප්පාදුවක් කරන්නට ආණ්ඩුව තීන්දුකොට ඇති බවත් දරුවන්ගේ අනාගතය අඳුරේ හෙළන විදුලි කප්පාදුව වහා නතර කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

මේ තරම් අන්තනෝමතික සහ අකාරුණික තීන්දුවක් ආණ්ඩුව විසින් ගැනීම විමතියට කරුණක් නොවන්නේ ආණ්ඩුවේ ස්වභාවය පිළිබඳව අවබෝධයක් තිබෙන නිසා බවත් විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

"ලක්ෂ සංඛ්‍යාත දරු පිරිසකගේ අනාගතය පිළිබඳව තීන්දුවක් ගනු ලබන තීරණාත්මක උසස් පෙළ විභාගයේදී වත් විදුලිය ලබාදීමට නොහැකි නම් ඒ ආණ්ඩුව මොනතරම් ජනතා විරෝධීද යන්න සිතාගත හැකිය.

යන්තම් වේල පිරිමසාගෙන ජීවන අර්බුදයක කරවටක් ගිලී සිටින ජනතාවගේ හිස මත විදුලි ගාස්තුව වැඩිවීමද  සිදුකොට ඇති අතර උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ගේ අනාගතය අඳුරේ හෙළමින් විභාගය දිනවල පවා විදුලිය කැපීමට තීන්දු කිරීම තුලින් රටේ අනාගතයම අඳුරේ හෙළමින් තීන්දුව ගෙන තිබේ.

එබැවින් අපි ආණ්ඩුවට බලකර සිටින්නේ මේ ලජ්ජා සහගත තීන්දුව වහාම හකුලාගෙන අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරන ලෙසය. එය එසේ නොවන්නේනම් ඊට එරෙහිව නැගෙන ජනතා ශාපයෙන් ආණ්ඩුවට ගැලවිය නොහැකි බව අවධාරණය කරමු.



අදහස් (5)

උසස් පෙළ සමයේවත් විදුලි කප්පාදුව නවතන්න

මහසෙන් Monday, 23 January 2023 05:00 PM

අහ්.. ඔයා ඔහොම කීවම බයවෙලා කපන එක නවත්වයි. දැන් ද ඇහැරුනේ. මේ එකෙක්ටවත් කට ඇරුන් නෑ මේ ගැන කතා කර්න්න මීට පෙර. ඡන්දයක් අල්ලගෙන දැගලුවා. දැන් කපන්න එපාලු.

:       0       0

Chandra Monday, 23 January 2023 09:24 PM

බස් වලින් විදුලිය ගන්න බැරිවෙයිද ?

:       1       1

වීරවිජේ Monday, 23 January 2023 11:11 PM

හොරාකපු සල්ලි ටිකක්වත් විසිකරලා ඕක නවත්තනවකො අයිසෙ''

:       1       1

රටවැසියෙක් Tuesday, 24 January 2023 12:54 AM

ඔබතුමා නැගලා යන මාතෘකා හොයනවා නේද කතාකරන්න. අනේ නිකන් ඉන්න. ඔබතුමා ලංකාවේ නෙමෙයි ද මෙච්චර කාලයක් හිටියේ. රටේ තත්වය විපක්ෂ නායක විදියට ඔබතුමාට නැති අවබෝධයක් සාමාන්‍ය මිනිස්සුන්ට තියෙනවා. වෙන දෙයක් කතාකරන්න. දැන් ඕක පරණ වැඩ්යි... මන්ත්‍රී ලාගේ පහසුකම් අඩුකරන්න වගේ හොඳ දෙයක්.

:       1       2

fairoosTuesday, 24 January 2023 01:43 PM

බයියන්ට සහ වහල්ලුන්ට කොහෙද මේවා තේරෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site