(ලාල් එස් කුමාර)
අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවක නිරත වූ සීමාසහිත පෑලියගොඩ මැනිං වෙළෙදපොළේ 17 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එලවලු සහ පලතුරු වෙළෙදසල් පවත්වා ගෙන යන කොටසේ සීමාසහිත මැනිං මාර්කට් පොදු වෙළෙද සංගමය මෙම විරෝධය සංවිධානය කර තිබුණි.
උද්ඝෝෂණය පැවත්වීම වලකාලමින් උසාවි නියෝගයක් ලබා දී තිබියේදී මෙසේ උද්ඝෝෂණයක් පැවත්වීම නිසා උත්සවය සංවිධානය කළ සංගමයේ සභාපති ඇතුලු සංගමයේ නිලාධාරින් 17 දෙනකු අත්අඩංගුවට ගත් බව පැලියගොඩ පොලිසිය පවසයි.
බාහිර පුද්ගලයන්ට වෙළෙඳ කුටි ලබාදීමට විරෝධය පලකරමින් මෙම විරෝධතාවය පැවත්වීිමට තිරණය කළ බව පෑලියගොඩ මැනිං මාර්කට් පොදු වෙළෙද සංගමය පවසයි.
----------------------------------------------------------------------------------------
12.30
(යොහාන් භාසුර)
අධිකරණ නියෝග කඩකරමින් පෑලියගොඩ මැනිං වෙළෙඳපොලේ විරෝධතාවක නිතරව සිටි පිරිසක් අද (26) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාවට අදාල පුද්ගලයන්ට එරෙහිව ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාතමක කරන බව ද එම නිලධාරියා කීය.
මැනිං වෙළෙඳපොලේ කඩ කාමර බෙදාදීමේදී ඇතිවූයේ යැයි කියන අක්‍රමිකතාවයකට විරෝධය දක්වමින් එම වෙළෙඳපොලේ පිරිසක් දින කීපයක සිට විරෝධතාවයේ නිරතව සිටින අතර පොලිසිය එම විරෝධතාවට එරෙහිව අධිකරණ යෝගයක් ගෙන තිබුණි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
උසාවි නියෝගය කැඩූ මැනිං වෙළෙඳ පොළේ 17ක් අල්ලයි