(පාලිත නානායක්කාර )

ගිරාදුරුකෝට්ටේ  උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු  හතම අඩි තුන හමාර බැගින් විවෘත කර  ඇති බව උල් හිටිය ජලාශභාර ස්ථාන භාර නිලධාරී ඉංජිනේරු දීප්ත චන්දන ජයසේකර මහතා පැවසීය.

 මේ වන විට උල් හිටිය ජලාශයේ රත්කිඳ කෝසුව  ඉහල ජල  කඳකින් වැසී ගොස් ඇති බවද ඒ් මහතා කීවේය.

එමෙන්ම  ජල මට්ටම රඳවාගත යුතු ධාරිතා මට්ටම ඉක්මවා යන බැවින්  මේ දිනවල විටින් විට එහි වාන් දොරටු විවෘත කරන විට රත්කිඳ කෝසුව හරහා ගමන් ගැනීමේ දී එම අවදානම් නිවේදන පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස ද ජනතාවට දැනුම් දී තිබේ.