
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ චමිලා අල්විස්)
කොතලාවල උයන්වත්ත වැවේ ගිලි විවාහක පුද්ගලයෙක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.
මිය ගිය පුද්ගලයා ඉංගිරිය ඇඳුරාගල ප්‍රදේශයේ පදිංචිව සිටි හොරණ නගර සභාවේ ලිපිකරුවකු ලෙස සේවය කරන සජිත් රසාංග
නැමැති 34 හැවිරිදි පුද්ගලයෙකි.
පුද්ගලයා පෙරේදා රැකියාවට ගොස් නිවසට පැමිණ අවශ්‍යතාවයක් සඳහා නිවසින් පිටවී නැවතට නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් සහෝදරයෙකු විසින් ඔහු සෙවීමේදී ඔහුට අයත් යතුරුපැදිය කොතලාවල උයන්වත්ත වැවේ සොරව්ව අසල තිබී දැක පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව කිමිඳුම්කරුවන් යොදා සිදු කළ පරික්ෂාවේදී දිය යට තිබී මළ සිරුර අද උදේ සොයා ගත් බව පොලිසිය කියයි
සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගොඩගෙන හොරණ මහ රෝහල වෙත යොමු කළ බව පොලිසිය සඳහන් කරයි
බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසිකර මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 35492 කුමුදු මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
2025 ඔක්තෝබර් මස 08
1343
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1260
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
460
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උයන්වත්ත වැවේ ගිලි පුද්ගලයකු මරුට