
(අංජුල මහික වීරරත්න)
උමා ඔය ව්‍යාපෘතියේ නොවිසඳුණු ගැටලු විසඳීම උදෙසා පත් කෙරුණු කැබිනට් අනුකමිටුව බණ්ඩාරවෙල උඩපේරුවේ දී අද ජනතා ගැටලු බාර ගත්තේය.
කමිටු සාමාජිකයන් ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව බණ්ඩාරවෙල නගර ශාලාවේදි ජනතා ගැටලු බාර ගැනීම සිදු කෙරිණි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය කේ. ඩී ලාල්කාන්ත, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ,පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහත්වරු මීට සහභාගී වූහ.
පැවති කිසිදු රජයක් නියමිත ආකාරයෙන් උමා ඔය ව්‍යාපෘතියේ ගැටලුවට මැදිහත් නොවීම නිසා අර්බුද තත්වයක් නිර්මාණය වී ඇතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය කේ. ඩී ලාල්කාන්ත මහතා මෙහිදී සඳහන් කළේය.
නව රජය කඩිනමින් ගැටලුවට පිළිතුරු සෙවීමට මැදිහත් වීම ගැන ජනතාවගේ ප්‍රශංසාවට ලක් වී ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුලුවන් තරම් කකුලෙන් ඇදලා ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න බැලුවා. දැන් අන්කොන් ටිකක් පිරිමහලා ලැජ්ජා නැතුව කියයි අපි තමයි උමා ඔය කරේ කියලා.
ඔය ගමන්ම බලපල්ලා අර කිව්ව හිල තියෙන තැනත්... බලලා ඒකත් එක පාරම වහලා දාලා එන්න පුළුවන්නේ...
තුන් මුලස් චැනල් එකයි, ජෙප්පොයි උමා ඔයේ හෑවා.