(සිතුම් චතුරංග)
වවුනියාව තෝණිකල්, සර්කියුලර් මාර්ගයේ නිවෙසක උපන්දින සාදයක් අතරතුර කඩු පහර කෑ තවත් තරුණයකු යාපනය පෞද්ගලික රෝහලකදී අද අලුයම මියගොස් ඇතැයි වවුනියාව පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් එම ස්ථානයේදීම මියගිය 21 හැවිරිදි තරුණියගේ සැමියා වන සත්ගුණකුලසිංහම් සුගන්දන් (35) නමැත්තා එලෙස මියගොස් ඇති බව පොලිසිය පවසයි.
එම නිවසේ පැවති උපන්දින සාදයක් අතරතුර පසුගිය 23 වැනිදා දහදෙනකුගෙන් යුත්පිරිසක් නිවසට කඩාවැදී නිවැසියන්ට පහරදී ඇති අතර පසුව ඔවුන් නිවස ඇතුලට දමා ගිනි දමා තිබුණි.
ඒ සමඟම නිවස ගිනිගෙන තිබූ අතර ගින්නෙන් ළමයින් සිව්දෙනකු හා කාන්තාවන් තිදෙනකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා වවුනියාව මහ රෝහල වෙත ඇතුලත් කරනු ලැබූ අතර ෆාතිමා සමීමා සහීඩීන් යන 21 හැවිරිදි තරුණිය පහරදීමෙන් ලද තුවාල සහ ගින්නට හසුවී මියගොස් සිටියහ.
එහිදි බරපතල තත්වයේ සිටි පුද්ගලයා වවුනියාව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී යාපනය පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක් වෙත ඇතුලත් කරනු ලැබූ අතර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
උපන්දින සාදයේ දී පහරකා මියගිය තරුණියගේ සැමියාත් මරුට
Senarath Wednesday, 26 July 2023 03:57 PM
මෙ අපරාදයට වගකිවයුතු පුද්ගලයන්ට දැඩි දඩුවම් දිය යුතුයි. අමුම අමු තිරිසන්නු.
janahitha Wednesday, 26 July 2023 04:02 PM
මෙය අගමික අන්ත්වාදීයි කල්ලියක් විසින් පකිස්තානයෙ මෙන් කරනලද සාපරාදී ක්‍රියවක් මෙන් පෙනෙනව
රංජිත් Wednesday, 26 July 2023 08:37 PM
10දෙනා තාම එලියෙද???