(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
උපාධිධාරීන් 600 ක් පමණ මේ වන විට ආණ්ඩුවේ කම්කරු රැකියා කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
කම්කරු රැකියා කරන එම උපාධිධාරීන් සඳහා උසස් වීම් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය .
රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය,පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධනාත්මකව සිතන්න පුරුදු වෙන්න.
එහෙනම් ඒ උපාධිදාරීන් කොට අය වෙන්න ඇති. උස නම් සිකියුරිටි වැඩක් කරන්න තිබුණානේ නේද? ඔය තත්වය ඉන්දියාවේ ඇති වුනේ 1960 ගණන්වල..
කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති, අට පාස් අයත් අද පාර්ලිමේන්තුවේ ඉන්නවා.
ඇයි ඒ කම්කරු රැකියා කරන්න? පුද්ගලික අංශයේ කොයිතරම් නම් හොඳ රැකියා තියෙනවද?
යුරෝපේ ඕන ජොබ් එකක් කරන්නේ, සුළු පඩියට වැඩ කරන්නේ.
උපාධියේ ගුණාත්මක කම හොඳටම අඩුවෙලා.
වෙන මොනවා කරන්නද? යල් පැනගිය අද්‍යාපන ක්‍රමයේ ප්‍රතිපල. නූතන ලෝකයට ගැලපෙන්නෙ නැහැ. මක් නිසාද පාලකයෝ අද්‍යාපන ක්‍රමය වෙනස් නොකරන්නෙ? මෝඩයන් වැඩිපුර සිටින තරමටම ඔවුන්ට නැවත නැවතත් පහසුවෙන් බලයට පැමිණිය හැකි නිසා.
කම්කරු කමකටවත් සුදුසුකම් නැති අය මැති ඇමතිලා වෙලා ඉන්නවා
බලන්න එයාල කොච්චර නිහතමානීද?
මම පශ්චාත් උපාධියකුත් අරගෙන වයිෆ්ගෙ ඩ්‍රයිවර් වැඩේ කරනවා....!
අපරාදේ උගත් මිනිස්සු.
උපාධියක් තිබුන පලියට හොද රැකියාවක් දෙන්න කියල කියන්නේ කොහොමද? දක්ෂ සහ හැකියාවන් ඇති ඕනෑම කෙනෙකුට උපාධිය ඇතුව හෝ නැතුව රැකියා තිබෙනවා. උපාධිය යනු එක් සුදුසුකමක් පමණි
කිසිම දැක්මක් නැති දේශපාලකයෝ බුරුත්තක් ඉන්න රටක් වුනහම මෙහෙම වෙනවා. උපාධි ගත්ත අයට රජයේම රැකියා දෙන්න කියල පෝලිමේ යන මාක්ස් වාදියෝ ටික තමයි මේ උපාදිධාරි දරුවන්ට තියෙන එකම හෙනේ . ඔලු සුද්ධ කරලා ,හිඟා කන තත්වෙට උපාධිකාරයෝ පත්කරල තියෙනවා. පාසල් වල , විශ්වවිද්‍යාල වල ආට්ස් ,කොමස් වලට ගන්න සිසුන් ප්‍රමාණය 60% වත් අඩු කරලා ,තාක්ෂණික විෂයන් වලට යොමු කරන්න ඕනේ. රටට ඕනේ මොකක්ද කියල හිතාගන්න බැරි වුනාට ,පාර්ලිමේන්තුවට ගිහින් ඉන්න 60 පැන්න කිරි ඇල්ලට නුවන පහල වේවා !!