
(කේ බුද්ධික කුමාරසිරි)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ මිතුරියට ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන් බව කියන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා තල්දූව මහත්මිය අද (15) දින තලංගම පොලිසියට නියෝග කලාය.
මෙලෙස පහර කෑමට ලක් වූ නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සහ ඔහුගේ බිරිඳ තලවතු ගොඩ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ආපනශාලාවක ආහාර ගනිමින් සිටියදී එහි පැමිණි පුද්ගලයන් නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයෙහි කටයුතු කල සමයෙහි සමකාලීන දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයින් පහකට ආසන්න පිරිසක් පැමිණ පහර දී ඇතැයි ද යනුවෙන් නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා විසින් සිදුකළ පැමිණිල්ලේ සඳහන් යැයි පවසමින් තලංගම පොලිසිය මගින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණි.
පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන ,දසුන් සිල්වා සහ සජිත් ගුණසේකර යන නීතිඥයන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙලෙස කීය
මෙම පහරදීම සිදුවෙලා දැනට පැය 48ක් වෙනවා තලංගම පොලිසිය සිද්ධිය වී පැය 48 කට පසුව තමයි අධිකරණයට කරුණු වාර්තා කරන්නේ. පොලිසියේ ක්‍රියා කලාපය ගැනත් අපිට සැක සහිතයි. මේක රාජ්‍ය බලය යොදවාගෙන සිදු කරන කටයුත්තක්.
අපගේ සේවා දායකයා පහර කෑමට ලක්වූ නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙක්. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳුම්කරු විදිහට කටයුතු කළා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනං හරි, එච්චරයි අඩුවකට තිබුනේ, ඔහොම යං.
NPP ආණ්ඩුවේ අනාගත මාර්ගය ගැන ඉඟියක් මේ සිද්ධියේදී අපිට බලාගන්න පුළුවන් වෙයි වගේ.
අපි හැමෝටම දැනගන්න මේ නඩුවේ ප්‍රගතිය දිගටම වාර්තා කලොත් හොඳයි
උදුල ඔයා පවු. ඔය වගේ සිල්ලර වැඩ කරලා එන්.පී.පී එක පරද්දවන්න දැන් බැහැ. ඕවා වසර දෙදහස් දහනවයට පෙර වැඩ කෙරුව උපක්‍රම. දැන් ඕවා අදාලම නැහැ. අහක යන බල්ලන්ට ගල් ගහන්න ජ.වි.පෙ.ට දැන් වෙලාවක් නැහැ.
මාලිමාවේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නැහැ කීවාට ඔය තියෙන්නේ...