
(මනෝප්‍රිය ගුණසේකර)
හිටපු අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, පාර්ලිමෙන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හයදෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව රහස් පොලිසිය කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතාට අද (15) දැනුම් දුන්නේය.
ඔවුන් හයදෙනා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් පසුගිය කාලයේ මාධ්‍ය සාකච්ඡා වල කළ ප්‍රකාශ වලට අදාළ සංස්කරණය නොකළ දර්ශන රහස් පොලිසියට ලබාදීමටද රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මාධ්‍ය ආයතන දහයකට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.
කතෝලික පල්ලි සහ තරු හෝටල් ඉලක්ක කර ගනිමින් පාස්කු ඉරුදින එල්ල කෙරුණු මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව රඳවාගෙන ප්‍රශ්ණ කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් පසුගිය කාලයේ මාධ්‍ය වල කළ ප්‍රකාශ වලින් අධිකරණයට අපහාස සිදුවු බව පවසමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
කතෝලික පල්ලි සහ තරු හෝටල් ඉලක්ක කර ගනිමින් පාස්කු ඉරුදින එල්ල කෙරුණු මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ පැමිණීල්ල කැඳවන ලෙස රහස් පොලිසිය මෝෂමක් මඟින් කළ ඉල්ලීමකට අනුව පැමිණීල්ල කැඳවන ලදී.
කතෝලික පල්ලි සහ තරු හෝටල් ඉලක්ක කර ගනිමින් පාස්කු ඉරුදින එල්ල කෙරුණු මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව විමර්ශන කරන රහස් පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක සුගත් මෙන්ඩිස් මහතා සිද්ධියට අදාළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළේය.
සිද්ධියට අදාළව ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග යටතේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා රඳවාගෙන ප්‍රශ්ණ කරන බවත් ඔහු එලෙස රඳවාගෙන ප්‍රශ්ණ කරනු ලබන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 09 (අ) (3) වගන්තිය අනුව බවත් ඔහු රැඳවුම් බාරයේ පසුවන්නේ මහෙස්ත්‍රාත්වරයාගේ අධීක්‍ෂණය යටතේ බවත් දැනුම් දුන් රහස් පොලිසිය මහෙස්ත්‍රාත්වරයාගේ අධීක්‍ෂණය යටතේ සැකකරු රඳවාගෙන සිටින ස්ථානය අදාළ පුද්ගලයින් විසින් ‘ශානීගේ වධකාගාරය’ යනුවෙන් හඳුන්වන බවත් පෙන්වා දුන්හ.
මෙවැනි ආකාරයේ තවත් ප්‍රකාශ ගණනාවක් ඔවුන් විසින් මාධ්‍ය සාකච්ඡා වලදී සඳහන් කර ඇති බවත් එම ප්‍රකාශ මාධ්‍ය මඟින් ප්‍රචාරය කර ඇති බවත් පෙන්වා දුන් රහස් පොලිසිය එහෙයින් ඔවුන් විසින් කළ ප්‍රකාශයන්ට අදාළව මාධ්‍ය මඟින් පටිගත කරන ලද දර්ශන වලට අදාළ සංස්කරණය නොකළ දර්ශන වල පිටපත් තමන්ට ලබාදෙන ලෙස ජාතික සහ පෞද්ගලික මාධ්‍ය ආයතන වල ප්‍රවෘත්ති අධ්‍යඞෂවරුන්ට නියම කරන්නැයි ඉල්ලා සිටියහ.
මෙම විමර්ශනයෙන් අනතුරුව ඔවුන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට අපේක්‍ෂා කරන බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්හ.
ඉදිරිපත් කළ කරුණූ සළකා බැලීමෙන් අනතුරුව විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, සුශිර්වර ලෙනින් බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ නමැත්තන් මාධ්‍ය සාකච්ඡා වලදී සුරේෂ් සලේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශ වල සංස්කරණය නොකළ දර්ශන රහස් පොලිසියට ලබාදෙන ලෙස මහෙස්ත්‍රාත්වරයා ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, සිරස, හිරූ, දෙරණ, වසන්තන්, ටී.එන්.එල්. ශක්ති, සියත ඇතුළු මාධ්‍ය ආයතන දහයක ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරුන්ට නියම කළේය.
සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමටද මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිසියට වැඩිදුරටත් නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd