(විමුක්ති එස් රුද්‍රිගු)
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය ජූනි මස සියයට 10.8 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
මැයි මාසය සමඟ සසඳන ජූනි මස උද්ධමනය සියයට 11.3 කින් පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.ජූනි මස ආහාර උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇති බවත් එය මැයි මසට සාපේක්ෂව සැලකිය යුතු පහළ යෑමක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
එසේම ජූනි මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 18.3 ක් දක්වා පහළ ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉලක්කම් සංදර්ශන විතරයි.
උද්ධමනය බින්දුවට ගියත් වැඩක් තිබෙනවාද? රටේ බඩුමිල වැඩිනම්. මෙහෙ ටෘඩෝ ගොයියත් මේ රටේ උද්ධමනය අඩුයි කියලා රටට පෙන්න්වනවා ඒ ගෙවල් කුලිය වැනි අධික වියදම් account නොකර. කොරෝනාව මෙරටත් කෑවා. මේ රටේ මිනිස්සුත් රට අත්හැර ආසියාතික රටවලට යනවා. මෙහෙ කාමර 2 ගෙයක් ඩොලර් 1850 වෙනකොට කාම්බෝජයේ swimming pool එකක් තිබෙන ගෙයක් ඩොලර් 500 ගන්න පුළුවන්. ලංකාවේ කොන්ඩේ කපන්න රුපියල් 600 යි මෙහෙ රුපියල් වලින් 14700, ඩොලර් 30ක් ගන්නවා.
උද්දමනය බින්දුව වුණත් මොකද? බඩු මිල අහස උසට උසට ... වියදම ඉහළට... බඩගින්න නිවා ගන්නේ අමාරුවෙන්... කන බොන හැටි ලිපා දනී.
මේවා හදන්න දත්ත ලබාගන්නේ කොහෙන්ද? පුදුම ඉලක්කම් දර්ශන. කඩේකට ගියොත් බඩුමිල අහස උසට... හැබැයි උද්දමනය අඩු වෙලාලු. අනික ආහාර උද්දමනය මොන ආහාරද මැයි මාසෙට වඩා අඩු මිලට ගන්න තියෙන්නේ දන්නේ නැ, කොහෙද කිවොත් අපිටත් ගිහිල්ලවත් අරන් එන්න.
බඩුමිල, රජයෙන් විවිධ සේවා වලට අයකරන ගාස්තු නම් අඩුවෙලා නැහැ. උද්ධමනය අඩුවෙලා නැහැ.