(ඉන්දිකා රාමනායක)

කොළඹ ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශ වල  මේ දිනවල  පැවැත්වෙන මහජන  උද්ඝෝෂණ හා   විරෝධතා පෙළපාලි සදහා දරුවන්  සහභාගි කරවීමෙන් වළකින ලෙසට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ  සභාපති උදය කුමාර අමරසිංහ මහතා  මවුපියන් හා බාරකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

පසුගිය දිනවල පැවැති  විරෝධාතා සහ උද්ඝෝෂණ     සදහා  දරුවන් සහභාගි  කරගත් අවස්ථා  දැකගත හැකි වු බවත්, ඇතැම්  පාසල්වල ගුරුවන්, පාසල් සිසුන්   ද ඒ සදහා  කරගෙන තිබු අයුරු නිරීක්ෂණය වු බව සභාපතිවරයා සඳහන් කළේය.

මේ  සම්බන්ධයෙන්   යම්  පුද්ගලයන්  ළමා ආරක්ෂ අධිකාරියට දුරකතනයෙන්   දැනුම් දුන් බවත්,  එවැනි අවස්ථා රැසක්ම ළමා ආරක්ෂක අධිකාරියට නිරීක්ෂණය වු බවත්  සභාපතිවරයා කීය.

මෙවැනි මහජන    උද්ඝෝෂණ හා   විරෝධතා පෙළපාලි  අතරතුර   ඇති වු නොසන්සුන්කාරි තත්ත්වයන්  හා ගැටුම්  හේතුවෙන්  විවිධ පාර්ෂවයන්ට පීඩාවට පත් වු බවද   සභාපතිවරයා  සඳහන් කරයි.

දරුවන්ට ඡාන්ද අයිතියන් නොමැති බවත්,  මෙවැනි  උස්ඝෝෂණ සදහා ළමයින් සහභාගිකර ගැනීම හේතුවෙන්    ඔවුන්  විවිධ අනතුරු ලක්වන වා සේම ඔවුන්  කායික , මානසික  පීඩාවලට  ලක්වීමේ  අවදානමක් පවතින බවද සහාපතිවරයා  සඳහන් කරයි.

ළමයින්ගේ   ආරක්ෂාව  සහ උපරිම  යහපත   සැලසීම    සියලු    පාර්ශවයන්ගේ වගකීම  ලෙස සලකා මහජන උද්ඝෝෂන හා විරෝධතා   පෙළපාලි  සදහා   ළමයින්  සහභාගි කර ගැනීමෙන් වළකින ලෙසට   දෙමාපියන්, බාරකරුවන් ඇතුලු සියලු පාර්ශව වලින්  කාරුණිකව ඉල්ලා සිටින බවද    සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.