
(ඩයනා උදයංගනී)
විරෝධතාකරුවන් පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාල භූමිය තුළට නිදහසේ පැමිණ විරෝධතාවය දැක්වීමට අවස්ථාව අද (16) හිමිවිය.
මෙවැන්නක් සිදුවූයේ ඉතිහාසයේ පළමු වරට බව එහි සිටි වෘත්තීය සමිති නායකයෝ පැවසූහ.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා ඇතුළු නිරෝධායන කඳවුරුවල රඳවා සිටින වාත්තීය සමිති නායකයින් සහ සමාජ ක්‍රියාකාරිකයින් වහා නිදහස් කරන ලෙසත් නිරෝධායන මුවාවෙන් සිදුකරන මර්ධනය නතරකරන ලෙසත් ඉල්ලා 'ආණ්ඩුවේ මර්ධනයට එරෙහි වාත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව' කොළඹ ගාලු මුවදොර පිහිටි උද්ඝෝෂණ සදහා වූ වෙන් කළ ස්ථානයේ රැස්වී පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි අතර එහිදී ඔවුන්ට බාධාවකින් තොරව එම කාර්යාල භූමියට ඇතුළුවීමේ අවස්ථාව හිමිවිය.
වෙනත් දිනවල විරෝධතාකරුවන්ගේ ගමනට බාධා කරමින් යොදවන මාර්ග බාධක, පොලිස් වැටවල් යොදා නොතිබූ අතර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් පැමිණ විරෝධතාකරුවන්ගේ අවශ්‍යතාවය විමසා සාකච්ඡාවකට අවස්ථාව ලබාදෙන බව දැනුම් දුන්හ.
ඉන්පසු විරෝධතාකරුවන් විරෝධතා බැනරයක් ද රැගෙන ජනාධිපති කාර්යාල භූමියට ඇතුළු වී එහි අමුත්තන් ඇතුළු කරගන්නා ස්ථානය දක්වාම පැමිණි අතර එතැනදී පොලිස් නිලධාරීන් මැදිහත් වී ඔවුන්ට සංදේශයක් භාරදීමේ අවස්ථාව ද උදා කරදෙනු දක්නට ලැබිණි.
එම අවස්ථාවේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි ජනාධිපති ගෝ්‍ඨාභය රාජපක්ෂ මහතා ද විරෝධතාකරුවන් අසලදී තම රථයේ වීදුරුව පහත් කර ඔවුන්ට අත වනමින් ගමන් කළේය.
ජනාධිපති ලේකම් කාර්යාලයට ගිය වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් එම කාර්යාලයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක නිරත වී එම නිලධාරීන් සමඟ ඉන් පිටතට පැමිණ ඔවුන් වෙත සිය සංදේශය භාරදුන් අතර වෘත්තීය සමිති නායකයින් වන සමන් රත්නප්‍රිය ,වසන්ත සමරසිංහ, ඇතුළු ක්‍රියාකාරිකයින් රැසක් මෙයට සහබාගි වූහ.
ඡායාරූප - ශාන්ත රත්නායක











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාලයින් සෙල්ලම් කරනකොට වැඩිහිටියන් ඔවුන් දිහා බලාගෙන සිනාසෙනවා..
හිනාවෙවී අත වැනුවට හිතේ තියෙන දේ ගැනනම් හිතන්නත් බයයි...
ඊට වඩා නරකද රත්නප්‍රිය ඇතුළු පිරිසට තමන්ගේ අතින්ම කම්මුලට දෙකක් ගහ ගත්තා නම්...! වෘත්තීය සමිති සටන් කලාව එහෙම පිටින්ම පාච්චල් කළා. සමච්චලයට ලක් කළා. මෙවැනි වෘත්තිය සමිති රටට විතරක් නෙමේ වාමාංශික ලෝකයටම නිගාවක්...
මේ ඉන්නේ දේශ මාමක, ජාති හිතෛෂී, කම්කරු නායක "පැජරෝ රත්නප්‍රිය" . මුන්නැහේට මේ පාර හෙලිකොප්ටරයක්වත් ගන්න හිතිලද? ජවිපෙ කාරයින් නම් ඉතින් කැට අල්ලන්න කොල්ලෝ හොයාගන්නයි, තමාටත් දේශපාලන පක්ෂයක් තියෙනවා කියලා පෙන්වන්නත්, රට ඉන්න අයගෙන් ලැබෙන පිං පඩි ටික ගන්නයි... ඔක්කෝටම එක්ක එළියටම බැහැලා...
ආචාරයට ස්තූතියි. ඒත් ආචාරය විතරක් මදියි. මේ ජනතා අයිතියට ගරු කරන්න. ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකරන්න...
කපන්න බැරි අත ඉඹිනවා වගේ... !!!
පඹයෙක්ගෙන් ඊට වැඩිදෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
මගේ අදහස වෙනස්.. ඇත්තටම මොවුන්ට රට ගැන පොඩි හරි හැඟීමක් තිබ්බා නම් කවදාවත් උද්ඝෝෂණ කරන්න පෙළඹෙන්නේ නැහැ. මුළු රටම වසංගතයකට මුහුණ දෙන මේ වෙලාවේ.. කොහොමද මේ විදිහට රටක් ගෙනියන්නේ..? අඩුම ගානේ රටට ආයෝජකයෙක් එන්න දෙනවද මේ ජරා දේශපාලනය නිසා.. අපිට රට ඉස්සරහට දුවන්න ඩොලර් ඕනේ.. ඒත් මේ ඉල්ලන ඉල්ලීම් දිහා බැලුවාම පේන්නේ මේ රට තවතව අගාධයකට යන එක විතරයි. ගුරුවරු විතරක් නෙමෙයි රජයේ සේවකයින් අති බහුතරයක් හිටියේ ගෙදර පහුගිය කාලේම.. කොහොමද රටට ආදායම් එන්නේ..? ඒත් පඩි වැඩි කරන්න දීමනා ඉල්ලන්න තරම් මොවුන් කුහක වුනේ කොහොමද? අපි පුද්ගලික අංශයේ රස්සාව කළා වසංගතය තිබිලත්.. ඒත් අපේ යම්යම් කප්පාදු කළා ආයතනය පාඩු නිසා.. අපි ඒකට මුහුණ දුන්නේ ආයතනය පවත්වාගෙන යන්න අවශ්‍ය නිසා.. ඒත් මේ වගේ කුහක මිනිස්සු රටක ඉන්නකම් කවදාවත් මේ රට ගොඩගන්න බැහැ.
අනිත් අය හරි.. පැජරෝ අය හැර...
බයවෙලා වගේ....
නියම සංදර්ශන. බයියන් නියමෙට චූන් වෙයි.
හොඳ නළුවෙක්... දැන් ප්‍රශ්නය ඉවරයි.
ජනපතිගේ ප්‍රතිචාරය පොලිසියටත්, චණ්ඩි විදිහට කට ගහන පොලිස් ඇමැති, මාර්ග ඇමති, මාධ්‍ය ඇමති සහ අනෙකුත් අවශේෂ ඇමතිලාටත් පාඩමක්... ඒ ගොල්ලෝ කතාකරන්න වත් දන්නේ නැහැ. කට නිසා මාලුවා නසින සේ මෙවන් ඇමතිලා නිසා මිනිස්සු කුලප්පු වීමෙන් ජනතා අප්‍රසාදය තීව්‍ර වෙනවා..
ඔළුව අතගාලා ටොක්ක අනින්න වගේ යන්නේ..
ගුරු හොරුනම් උගන්වන එකක් නෑ. නමුත් ගුරු උතුමන් උගන්වනවා.
හිනාවෙලා අත වනාගොස් නිරෝධනය වෙමින් සිටි පිරිස නියමිත දිනට පෙර නිදහස් කිරීමෙන් තැබූ කකුලක් පිටිපස්සට ගැනීම හොඳයි.
කොහොමද ඒක..?
අවශ්‍ය තැනදී නැට්ට බඩ යට ගහගෙන ඉඳලා.. අනවශ්‍ය තැනදී නැට්ට කෙළින් කරගෙන දඟලන මේ දේශපාලන විගඩම් කාරයින්ට අඩු තරමේ මඩු වලිගයෙන්වත් සලකන්න ඕනෑ. මේ විපරිත නඩය සිටින තාක්කල් මේ රටට ගොඩ ඒමක් නැහැ.
රාජපක්ෂවරු විතරද දේශමාමක? සහෝදරවරු සහ පුතණ්ඩියන් හරිම දේශමාමකයි නේද? කරපු කෙරුවාවල් වල මහිමයෙන් රටට තෙල් ටිකවත් ගෙන්නන්න බැරි වෙන තැනට ඇවිත්... තවම ජෙප්පන්ට බැනලා හිත හදාගන්න. වහල්ලු තම ස්වාමීන්ට බනින සිරිතක් නැහැ...
මම ලසන්තවත් නැවත එකතු කරගත්තා..!
මුලු රටම වර්ජනයට කැඳවනවා කිව්වාම ඉබේම සැලියුට් ගැහුණා...
වැඩබැරි සර් ඉතිහාස ගත වෙලා ඉවරයි. සිරිසේන අවුරුදු 04න් පස්සේ තමයි හොඳම විහිළු කාරයා වුණේ..
අපේ ජනාධිපතිතුමා, ගුරුවරුන් වැනි වියත්තු දෙස බලා කටින් සිනාසුණාට වඩා පිටිපස්සෙන් සිනාසෙන විට අමුතු ලස්සනක් තියනවා කියලා තමයි මට නම් හැඟෙන්නේ... අනේ ජනාධිපතිතුමනි, දොස්තරලා දෙස බලලාත් ඒ විදිහටම හිනාවෙන්නකෝ...!!!