
(රෝෂන් තුෂාර)
මානුෂිය මෙහෙයුමේදී ශ්‍රී ලංකා යුද හමුදාව මගින් අත්අඩංගුවට ගන්නා ලද රන් භාණ්ඩ දස දහසකට අධික සංඛ්‍යාවකින් සමන්විත රත්තරන් තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ,ජාතික ස්වර්ණාභරණ අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසකට නියෝග රැසක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක් මාලි මහත්මිය අද නිකුත් කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝග ශ්‍රී ලංකා යුද හමුදාවට,මැණික් හා ස්වර්ණාභරණණ අධිකාරියට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට,අපරාධ වාර්තා කොට්ඨාසයට,ලංකා බැංකුවට නිකුත් කළ අතර,අදාළ විමර්ශනයන් භාරව කටයුතු කරන සියලු රාජ්‍ය නිලධාරීන්ගේ ලේඛනයක්ම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළාය.
රන් භාණ්ඩ සම්බන්ධයෙන් සියලු විමර්ශන කටයුතු කිරීමෙන් අනතුරුව සියලු රන් භාණ්ඩ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරක්ෂිත සේප්පු තුළ ගබඩා කිරීමට කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
COMMENTS
මහබැංකු සේප්පුවේ යතුරු දෙකෙන් එකක් මටයි, අනික රාජපක්ෂ කෙනෙකුටයි දෙන්න හොඳේ. ටුයි, ටුයි...!
රන් මාල ටික ශිරන්ති නෝනාත්, රන් මුදු සහ අත්පළඳනා මහින්ද මහතා සහ පුතුන් තිදෙනාත්, ඉතිරි රන් භාණ්ඩ රාජපක්ෂ පවුලේ අනෙක් අයත් බෙදාගත් බවත් ෆොන්සේකා මහතා ඊට එරෙහි වීම නිසා ඔහු සමග උරණ වූ බවත් රටේ වාසනාවට ජවිපෙ ප්‍රමුඛ මාලිමාව බලයට පැමිණ මෙම ඓතිහාසික අසාධාරණයට එරෙහිව කටයුතු කරමින් සාධාරණය ඉටු කළා... වැනි කතාවක් නිර්මණය කරලා වත් සමාජ මාධ්‍යයේ ආණ්ඩුව අපුල්ලන වැලේ වැල් නැති අප්පුහාමිලාට හුස්මක් ගන්නට අවස්ථාවක් ලැබේවායි ප්‍රාර්ථනා කරමු....
එදා රාජපක්ෂලට රන් ගත්තා කියලා චෝදනා එනකොට මේවා මේ පිළිවෙළට රජයට බාරදීලා නිදහස් වෙන්නේ නැතිව මේව තියාගත්තේ සදාකල් බලයේ ඉන්න අදහස ඇතිව වැඩේ කල් ගියහම හෙමින්ම ගෙදර ගෙනියන අදහසින් කියලා හිතන්න බැරිද?
සෑම දේටම උම්බෑ කියන, බුරා පනින වහල්ලු තිදෙනෙක්
සෑම දේටම උම්බෑ කියන වහල්ලු ....
ඔය රත්තරන් මෙතෙක් කල් හමුදාව භාරයේ තිබ්බා, නමුත් දේශපාලන වාසි ගන්න පහර දුන්නේ ගිය ආණ්ඩුවල ප්‍රධානීන්ට, දැන් මිනිස්සුන්ට ටිකෙන් ටික තේරුම් යනවා... ඒ කාලෙත් මොවුන් කරලා තියෙන්නේ පච විදිල්ල නේද කියලා...?
දූෂිත පවුල් පාලන ආණ්ඩුව තිබුණා නම් මෙළහකටත් මේවාට මොනවා වෙයිද ? කටුගෙයි වටිනා පුරාවස්තු වලට වෙච්චි දේ කවුද නොදන්නේ?
මේක විය යුතු දෙයක්... මේ ගැන කවුරුත් කිසිම තැනක කතා නොකළ දෙයක්... දැන්වත් මේක උඩ ආපු එක ලොකු දෙයක්...
මේ ගමන්ම අර අලුත්ම ග්‍රීසියේ ගනුදෙනු ගැනත් හෙව්වොත් නරකද? අනුන්ට හොරා හොරා යැයි කියූ උන්දෑම මෙම හොර ගනුදෙනුවට ගෑවී තිබීම දෛවයේ සරදමකි.
මේවාටත් අර කුඩුවලට සිදු උන ආනිශංසයම සිදු වෙලාද දැන්නේ නැහැ. රස පරීක්ෂක වාර්තාව එනකන් බලාගෙන ඉමු.