IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


උතුර නැගෙනහිර පාසල් සීයක් අලුත් කරන්න ජපානෙන් උදව්වක්

(අංජුල මහික වීරරත්න)

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේදී  නිපොන් පදනමේ ආරම්භක සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා හමුවී සාකච්ඡාවක නිරත විය.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තව දුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය. 

ශ්‍රී ලංකාවේ සියලු ප්‍රජාවන්ගේ ජීවනෝපායන් නඟා සිටුවීම සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළේය. එසේම උතුර සහ නැගෙනහිර පළාත්වල පාසල් 100 ක් ප්‍රතිසංස්කරණය කිරීම සහ නවීකරණය කිරීම සඳහා වන ඉදිරි සැලසුම් ද ඔහු විසින් ඉදිරිපත් කරන ලදී. 

ශ්‍රී ලාංකික ජනතාවගේ සංවර්ධනය සහ යහපැවැත්ම නගා සිටුවීමට දරන උත්සාහය සහ  ශ්‍රී ලංකාව තුළ සමාජ සේවය වෙනුවෙන් වන දිගු කාලීන කැපවීම පිළිබඳව  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී  යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා වෙත සිය කෘතඥතාව පළ කර සිටියේය. 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 



අදහස් (2)

උතුර නැගෙනහිර පාසල් සීයක් අලුත් කරන්න ජපානෙන් උදව්වක්

sene Tuesday, 30 September 2025 05:04 PM

හදුන්නෙත්ති තවත් සැරයක් වැරැදුනා කියන්න වේවි. බාරකාර ආණ්ඩුවකින් තීරණ ගත හැකිද?

:       8       5

Jani Wednesday, 01 October 2025 04:18 AM

කාලගෝල...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 570 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site