IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උණෙන් බේරෙන්න වයඹ සරසවියේ මාකඳුර පිඨය සතියක් වහයි

(හේමලතා ඩී හේවගේ)

වයඹ විශ්ව විද්‍යාලයේ මාකඳුර පරිශ්‍රයේ  සිසුන් අතර පැතිරී යන උණ, වමනය සහ පාචනය යන රෝගී තත්වය  පාලනය කිරීම සඳහා අද සිට සතියක් වසා තැබීමට තීරණය කළ බව වයඹ විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී චිත්‍රානන්ද වීරසේකර මහතා පැවසීය.

පශු සම්පත් ධීවර හා පෝෂණ පීඨයේ සිසුන් අතර පැතිරී යන මෙම රෝගී තත්වය කෘෂිකර්ම හා වැවිලි කළමණාකරන පීඨයේ සිසුන්ටද පැතිරීයාම වැලැක්වීම සඳහා මෙම තීරණය ගත් බව  ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මාකඳුර පරිශ්‍රය තුල ක්‍රියාත්මක පශු සම්පත් ධීවර හා පෝෂණ පීඨයේ සහ කෘෂිකර්ම හා වැවිලි කළමණාකරන යන පීඨ දෙකෙහි 1800 කට ආසන්න සිසු සිසුවියන් සංඛ්‍යාවක් අධ්‍යන කටයුතුවල නිරතවන බවත් මේ වනවිට ඔන්ලයින් තාක්ෂණය හරහා ඔවුන්ගේ අධ්‍යපන කටයුතු සිදුකරන බවද චිත්‍රානන්ද වීරසේකර මහතා කීය.

පැතිරී යන රෝගී තත්වය පාලනය වූ වහාම නැවත සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සුපුරුදු පරිදි සිදුකිරීම සඳහා විශ්ව විද්‍යාල පාලනාධිකාරිය  කටයුතු සැලසුම් කර ඇති බවත් ඒ මහතා පැවසීය.

 



අදහස් (1)

උණෙන් බේරෙන්න වයඹ සරසවියේ මාකඳුර පිඨය සතියක් වහයි

Kamal Monday, 16 October 2023 09:43 PM

කොහෙද අනේ මේක තියෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site