
(කේ.පී. සුමනදාස)
උඩවලව ජලාශයෙන් පරිභෝජනය සදහා සහ වගා කටයුුතු සදහා ජලය ලබා දිය නොහැකි තත්වයට ජලාශයේ ජල මට්ටම පහත වැටීම හේතුවෙන් සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ කටයුතු සදහා දිනකට අවශ්‍ය ජල ප්‍රමාණය ලබා ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇතැයි කියති.
මේ හේතුවෙන් කර්මාන්ත ශාලාවේ උක් ඇඹරීමේ කටයුතු සිදු කිරීම ගැටලු සහගත තත්වයකට පත්ව තිබේ.
‘සමාගමේ උක් ඇඹරීමේ කටයුතු පැය 24 පුරාම සිදු කරනු ලබන බවත් කර්මාන්ත ශාලාවේ බොයිලේරුව සිසිල් කිරීම සදහා භාවිතා කරනු ලබන්නේ ද මෙම ජලය නිසා එම කටයුතු දැඩි අසීරුතා මැද සිදු කිරීමට සිදුව ඇති බවත් සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කැලුම් ප්‍රියංකර මහතා කීවේය.
අවශ්‍ය ජල ප්‍රමාණය ලබා ගනු ලබන්නේ උඩවලව ජලාශයේ වම් ඇලෙන් පෝෂණය වන පොඩි වැවකින් වන අතර මේ වන විට වම් ඇළට ප්‍රමාණවත් ජලය ප්‍රමාණයක් උඩවලව ජලාශයෙන් නිකුත් කළ නොහැකි තරමට ජලාශය සිදී ඇති බවත් ඔහු කීවේය.
නමුත් උක් ඇඹරීම නවතා ලීමට බලාපොරොත්තුවක් නොමැති බවත් ඒය පැය 24 -16 දක්වා අඩු කිරීමටත් බොයිලේරුව සිසිල් කිරීම සදහා භාවිතා කරන ජලය අපතේ නොයවා එම ජලය යලි ප්‍රයෝජනයට ගැනීම සිදු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිට බවත් ඒ් මහතා කීවේය.
සෙවනගල සීනි සමාගමේ කෘෂි ව්‍යාප්ති කළමනාකාර ජී.ආර්. ප්‍රියන්ත මහතා
උක් වගාව පවත්වාගෙන යාමට ජලය අත්‍යවශයි කර්මාන්ත ශාලාව දුවන්න ජලය අවශ්‍යයි. මේ වන විට උක් ඇඹරීම සිදු කරනු ලබනවා. මෙවර අස්වනු නෙලිය හැකි උක්ටොන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ගොවි බිම් වල තිබෙනවා. ගොවින්ගේ එම අස්වනු මිලදී ගෙන ඇඹරීම කල යුතුයි.එසේ නොවුන හොත් විශාල අමාරුවක වැටෙනවා.
උක් ගොවි පවුල් 15000 ක් පමණ සෘජුවම ප්‍රතිලාභ ලබන අතර වක්‍රව තවත් පවුල් 10000ක් පමණ ප්‍රතිලාභ ලබනවා ඇතැම් උක් ගොවින් හිටවපු උක් පැලවීම සදහා මේ වන විට ජලය නැතිව වේලී යනවා.
උක් අක්කර 5500 පමණ වාරි පෝෂිත තිබෙන අතර උක් අක්කර 4000 ප්‍රමාණයක් වර්ෂා පෝෂිතව තිබෙනවා වර්ෂා පෝෂිත බිම් වලට ජලය පොම්ප කර වගා කරනු ලබනවා එහෙත් මේ වන විට පොම්ප කිරීමට ජලය නැහැ එම වගාවන් විනාශ වෙමින් පවතිනවා .
ජලය නොමැති උවහොත් උක් අක්කර දහස් ගණනක් විනාශ වී යාමේ තර්ජනයක් තිබෙනවා .
ගොවි සංවිධාන නියෝජිතයින් මෙසේ සඳහන් කළේය.
මෙවැනි අවස්ථාවලදී මීට ප්‍රථම සිටි බලධාරීන් සහ දේශපාලඥයන් විසින් සාකච්ඡා කර උඩවලව ජලාශයට සමනල වැවෙන් ජලය නිකුත් කරනු ලැබුවා.
මෙවර එවැනි දෙයක් කිරීමට එරෙහිව විදුලිබල අමාත්‍යවරයා හරස් වෙලා තියෙන බව අපිට දැනගන්න ලැබුනා විදුලිය ඩීසල් යොදා නිපදවිය හැකියි. ඒ වගේම තවත් විකල්ප තිබෙනවා වගාවන් සිදු කිරීමට, පානය කිරීමට සහ සිදු කර ඇති වගාවන් පවත්වාගෙන යාමට ජලය අවශ්‍යයි. ‘

2025 දෙසැම්බර් මස 18
454
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
250
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උඩවලව සිඳීමෙන් සීනී කර්මාන්තයට බාධා
lankaputha Monday, 24 July 2023 08:35 AM
උක් ඳඩු ටොන් 100,000ක් පවුල් 15,000, එක් පවුලකට ටොන් 6ක ප්‍රමාණයක් මුළු අවුරුද්දට... මොකක්ද මේ ගනනය කිරීම් කරුණාකර පහදාදෙන්න?
himal Monday, 24 July 2023 10:58 AM
ඩීසල් බලාගාරවලට වඩා ලාබෙට ජලයෙන් විදුලිය ගන්න පුළුවන්. ඒ නිසා ජල විදුලිය හදන්නෙ නැතිව මේවට ජලය දීලා හරියන්නෙ නෑ.