(කේ.පී. සුමනදාස)

උඩවලව ජලාශයේ පෝෂිත ප්‍රදේශට වැසි නොලැබීම නිසා එහි ජල මට්ටම සියයට හත දක්වා පහත වැටී ඇතැයි නේවාසික ව්‍යාපාර කලමනාකාර තාක්ෂණ සේවා තිලක් රණසිංහ මහතා පැවැසීය.

ඉදිරි දිනවල ප්‍රදේශයට වැසි නොලැබුණොත් ගොවි පවුල් 35000 ක් පමණ දැඩි අසරණ තත්වයට පත් විය හැකි බව ද ත් ව්‍යාපාර කළමනාකාරවරයා කියා සිටියේය.

දැන කර ඇති වගාවනට ජලය නොමැති වී විනාශ වීමේ අවධානමක් පවතින බවත් වලව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

"වී" වගාව සදහා අගෝස්තු මස දෙවන දින දක්වා නීතියානුකූලව ජලය ලබා දිය යුතුය.

උඩවලව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව අක්කර අඩි 221000 ක් පමණ උවත් දැනට ඇත්තේ අක්කර අඩි 15000 ක් පමණයි.

වගාවන් සදහා දිනකට අක්කර අඩි 3000 ක් උවඩලව ජලාශයෙන් මුදා හැරිය යුතු උවත් මේ වන විට අක්කර අඩි 1000 ක් 1500 ක් අතර ප්‍රමාණයක් දැනට මුදා හැරින බවත් තවත් සතියකට හෝ දෙකකට පමණක් ජලය ලබා දිය හැකි බව ද ඔහු කීය. ගොවීන් මෙම තත්වය තේරුම් ගෙන ජලය නාස්ති නොකර උපරිම ප්‍රයෝජන ගත යුතු වන බව ද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් වලව නේවාසික ව්‍යාපාර කලමනාකාර කෘෂිකර්ම වේනකා ක්‍රිෂාන්ති මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය.

මෙවර යල කන්නයේ වලව කලාපයේ "වී" අක්කර 31612 ක්, එළවළු අක්කර 1500 ක්, කෙසෙල් අක්කර 8000 සහ වෙනත් භෝග අක්කර 3000 පමණ වගා කර තිබෙනවා. වෙනදා ජලය නිකුත් කර අවසන් කර අතිරේක භෝග සදහා වෙනම ජලය ලබා දුන්නා. මෙවර එසේ කිරීමට හැකියාවක් නැහැ වැසි නොලැබුණොත් ඉදිරිය බොහෝම අමාරු කාලයක් වේවි. මේ හේතුවෙන් ගොවීන් පමණක් නොව පාරිභෝගිකයින් වෙළද මහතුන් ව්‍යාපාරිකයන් යන සියලු දෙනාම අසීරු තත්වයට පත් විය හැකියි.

මයුරපුර කොට්ඨාශ උප සභාපති කේ.ඒ. අජිත් කුමාර මහතා කියා සිටියේ,

මයුරපුර කොට්ඨාශය කියන්නේ වලව ව්‍යාපාරයේ අවසාන කෙලවර පිහිටි කොට්ඨාශය මෙහි ගොවි පවුල් 5300 ක් පමණ ඉන්නවා ඔවුන් වගාව වශයෙන් "වී" වලට අමතරව කොසෙල්, ගස්ලබු, වම්බටු, මෑකරල්, තක්කාලි ආදිය වගාකර තිබෙනවා. පසුගිය දිනවල අපේ වගාවන්ට ජලය ලැබුණේ දින 10 කට එකක් පමණයි. මේ වන විට එසේ ලබා දීමටත් නොහැකි තත්වයක් උදා වෙලා. වැසි නොලැබුනොත් වගාවන් විනාශ වී යාමේ අවධානම වැඩියි