
( ශාන්ත චන්ද්‍රසිරි)
ගසක් කඩා වැටීමෙන් අවහිරව පැවැති උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමන කටයුතු අද (26) උදෑසන සිට යථාතත්ත්වයට පත් කොට ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල හා දෙමෝදර දුම්රිය ස්ථාන අතරදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් අද (26) අලුයම දුම්රිය ධාවනයට බාධා එල්ල වී පැවැති බවත්, මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ගමන් ගත් රාත්‍රී තැපැල් දුම්රිය පැයක පමණ කාලයක් ප්‍රමාදව ධාවනය කිරීමට සිදු වු බවද දුම්රිය පාලක මැදිරිය කියයි.
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට සාමාන්‍ය පරිදි සිදුවන බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd