
(උපුල් හේරත් සහ පාලිත මඩුගල්ල)
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩ දුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් විස්සක පමණ නාය යෑම්,හා ගිලාබැසීම් නිසා පවුල් 600ක් පමණ සිරවී ඇතැයි උදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි.
උඩදුමිබර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 20 ඇතුළත ඉතාමත්ම බරපතල තත්ත්වයේ ආපදා සිදුව ඇත්තේ කලල්ගමුව,මිනුවන්ගමුව, නැගෙනහිර බඹර බැද්ද, බටහිර බඹර බැද්ද හා දෙන්නේගම,යන ග්‍රාම නිලධාරී වසම් වලටය.
ඇද හැලුන දහරා නිපාත වර්ෂාවත්,අධික මීදුමත් හේතුවෙන්,ජනතාවට දැඩි ලෙස පීඩා ඇතිවී ඇති අතර එයින් බේරීමට ඔවුහු දැඩි සේ උත්සාහ දරා ඇති බවට වාර්තා වේ.
කලර්ගමුව ග්‍රාමයේ පිහිටි දළුක්කුඹුර කන්ද ගිලා බැසීමක් සිදුව ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය කියයි.
එසේම, දෙවින්නේගමද ගිලා බැසීමක් සිදුවෙමින් පවතින බව ආපදා කළමනාකරන ඒකකයේ නිලධාරීන් සඳහන් කළහ.
මෙම ගම්මානවල රැඳී සිටි පවුල් තිහක පමණ පිරිසක් බෝපාත විහාරස්ථානයට හා බඹර බැද්ද විහාරස්ථානය වෙත රැගෙන ගොස් ඔවුනගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා සියලු විධිවිධාන සලසා ඇති බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි.
ඊට අමතරව සුළු වශයෙන් ආපදාවන්ට ලක්ව ඇති ගම්මානවල ආසන්නයේ පිහිටි ප්‍රජා ශාලාවන්ද කඳවුරු ලෙසට යොදා ගැනීමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ ඒකකය කියයි.


2025 දෙසැම්බර් මස 16
36
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
832
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උඩුදුම්බර පවුල් 600ක් සිරවෙලා