IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

( ප්‍රසාද් රුක්මල් )

උඩරට දුම්රිය මාර්ගයේ අබේවෙල පැරකුම් පුර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (25) උදෑසන විශාල ගසක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය පාලන මැදිරිය පවසයි .

පවතින අධික සුලං තත්ත්වයත් සමග මෙසේ දුම්රිය මාර්ගයට ඉහළින් පිහිටි විශාල ගසක් දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති අතර මේ නිසාවෙන් බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රිය අබේවෙල දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේය .

නමුත් බදුල්ල සිට කොළඹ කොටුව සහ මහනුවර බලා ධාවනය වන දුම්රියන් නියමිත වේලාවට ගමන් ආරම්භ කල බවත් , කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන දුම්රියන් ද නියමිත වේලාවට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කල බවත් දුම්රිය පාලන මැදිරිය වැඩිදුරටත් පැවසීය .

බදුල්ල සිට අද (25) අලුයම 5.50ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කල අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රියේ එන්ජිම ක හටගත් හදිසි කාර්මික දෝශයක් නිසාවෙන් එම දුම්රිය හාලිඇල දුම්රිය ස්ථානය  ආසන්නයට පැමින යලි බදුල්ල බලා ධාවනය කර එම එංජිම පිළිසකර කිරිමෙන් අනතුරුව ප්‍රමාද වී යලි බදුල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කල බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

 

 

 



අදහස් (0)

උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 92 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 327 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site